Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2021 ට

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2021 ට

editorial - 2020 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්වය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල් දැමීම හැර වෙනත් කළ හැකි දෙයක් නැති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තරගාවලිය තවත් වසරකින් කල්දමනු ලැබ තිබේ.

අවිනිශ්චිතතාවයෙන් ගෙවීගිය මාසයකට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරණය පිළිගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම නිවේදනය නිකුත් කළේය. ඒ සමගම මීළඟ අන්තර්ජාතික තරගාවලිය වන ඉන්දු - ඕස්ට්‍රේලියානු තරගාවලිය සම්බන්ධයෙන් වඩාත් පැහැදිළි ස්ථාවරයක් පැමිණ තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල්දැමීම හේතුවෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මේ වසරේ ක්‍රිකට් දින දර්ශනය හිස්වන අතර ඒ ලැබෙන කාලයේදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් කල්දැමුණු විස්සයි20 ලෝක කුසලාන තරගාවලි 2021 වසරේ ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදි පැවැත්වීමට නියමිතව ඇති නමුත් තරගාවලියට සත්කාරකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවද ඉන්දියාවද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

වසර 2021 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි සත්කාරකත්වය බාරගෙන සිටියේ ඉන්දියාවයි. මෙම තරගාවලිය 2022 වසර දක්වා කල්දමනු ලැබ තිබේ.

ඒ අනුව ඉදිරි වසර දෙකේදීම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි දෙකක් පැවැත්වෙන අතර වසර 2023 දී එක්දින ලෝක කුසලාන තරගාවලිය පැවැත්වේ.

කොවිඩ් - 19 වයිරසය විසින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් සහමුලින්ම අකර්මණ්‍ය කර දමන ලදි. එවන් තත්ත්වයක් යටතේ රටවල් 16 ක් සමගින් තරගාවලියක් පැවැත්වීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාවක් නොමැති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නික් හෝක්ලි මහතා පැවසීය.

“තරගාවලිය කල්දැමීමට ගත් තීරණය කිසිසේත්ම මඟහැරිය නොහැකි එකක් යැයි මම හිතනවා” යැයි ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

“ගිම්හානයේදී අපේ වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමට ඒක අවස්ථාවක් කරගන්නවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

සඳුදා ප්‍රකාශ කරන ලද නව විධිවිධාන අනුව 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදි ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාව විසින් සංවිධානය කරනු ඇත. අනෙක් රට 2022 දී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරණු ඇත.

ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2023 මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබුනද එම දිනයන් සංශෝධනය කරමින් එම වසරේ ඔක්තෝබර්- නොවැම්බර් මාස දක්වා කල් දමා තිබේ. අවසන් මහා තරගය නොවැම්බර් 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරන්නේ 2021 හෝ 2020 දීද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට අභිමතයක් නොමැති බව හොක්ලි මහතා පැවසීය.

“ප්‍රධාන තරගාවලි දෙකක් ඉදිරියට යන ආකාරය අපිට බලන් ඉන්න වෙනවා. තරගාවලිය 2021 හෝ 2022 යන වර්ෂවලින් කුමන වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුවත් ලෝකයා පුදුම කරවන ආකාරයෙන් තරගාවලිය පවත්වන්න අපට පුළුවන් බව මට විශ්වාසයි” යැයි ඔහු පැවසීය.

ප්‍රධාන තරගාවලි දෙකක් මාස කිහියක් තුල පැවැත්වීමට සිදුවන නිසා 2023 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන වෙනස් කිරීමට සිදුවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මානු සව්නි මහතා පැවසීය.

“එය දැන් ඔබට විවිධ දේ අතර ඉතා පැහැදිලි පරතරයක් ලබා දෙයි. අපට තරගාවලිය සැලසුම් කරගැනීමට එය උපකාරී වෙනවා... සියලු දෙනාගේම සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කරන්නත් පුළුවන්” යැයි ඔහු පැවසීය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය වෙනස්කම්වලට සිදුවූ බලපෑම අවතක්සේරු කළ හොක්ලි මහතා මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් දමා ඇති නමුත් අවලංගු කර නොමැති බව පැවසීය.

වසර 2021 සහ 2022 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සෞඛ්‍ය හේතු මත ගනු ලබන අතර එය වසංගත තත්ත්වය මත රඳා පවතී.

“එය ආරක්ෂාකාරීව නැවත සිදුවන අතර අළුත් සහ හොඳම තොරතුරු සමඟ අපි වැඩ කරනවා” යැයි ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි කාල සටහනේ වෙනසක් සිදුනොවන බව හොක්ලි මහතා පැවසීය. නොවැම්බර් මස අගදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පර්ත් නුවරදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතර දෙසැම්බර් සහ ජනවාරී මාස වලදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 4 කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණ කෙටි කාලීන නිරෝධායනයකට භාජනය විය යුතු බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා යොජනා කර ඇත. එහෙත් එම යෝජනාවට ඕස්ට්‍රේලියානු රජය ඉඩ දෙනු ඇතැයි ඔහු සැක පහළ කළේය.

“මම හිතන්නේ සති දෙකක නිරෝධායන කාලය ඉතා හොඳින් පැහැදිළි කරලා තියෙනවා”
”අපි වැඩ කරන්නේ එම නිරෝධායන පරිසරය තුළ පවා ක්‍රීඩකයින්ට හොඳම පුහුණු පහසුකම් ලබා දෙන්නයි. එබැවින් ඔවුන් තරඟ සඳහා සූදානම් වීම ඉතා යෝග්‍ය වෙනවා” යයි හොක්ලි මහතා පැවසීය.

 

- 2079

 


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2021 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.