Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විදේශීය ලීග් තරගවලට යාමේදී ක්‍රිකට් ආයතනයෙන් කඩුල්ලක්

විදේශීය ලීග් තරගවලට යාමේදී ක්‍රිකට් ආයතනයෙන් කඩුල්ලක්

editorial - 2021 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විදෙස් රටවල් වල සංවිධාන කරන කිසිදු ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට ආසන්නතම හේතුව බවට පත්වී ඇත්තේ නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වී තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වීමය.

එමෙන්ම මෙම 2021 වසර  ශ්‍රී ලංකා කණ්ඩායමට අවිවේකී වසරක් වන අතර ටෙස්ට් තරග 8 කට, එක්දින තරග 15 කට සහ විස්සයි20 තරග 12 කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඊට අමරතව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ දහයයි10 තරගාවලියක්ද මෙම වසරේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් සිටී.

මේ මස 14 වනදා සිට ඇරඹෙන එංගලන්තයට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිතව ඇති අතර, අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තරග සංචාරයක ද නිරත වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත දහයයි10 තරගාවලිය මේ මස 28 වනදා ආරම්භවීමට නියමිත අතර පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය පෙබරවාරී මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

අබුඩාබි දහයයි10 තරගාවලිය සඳහා තිසර පෙරේරා (පූනේ ඩෙවිල්ස්), ඉසුරු උදාන (බංග්ලා ටයිගර්), වනිදු හසරංග (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), අජන්ත මෙන්ඩිස් (පූනේ ඩෙවිල්ස්), ළහිරු කුමාර (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), චාමර කපුගෙදර (පූනේ ඩෙවිල්ස්), දසුන් ශානක (දිල්ලි බුල්ස්), මහේෂ් තීක්ෂණ (නොදන් වොරියර්ස්), අවිශ්ක ප්‍රනාන්දු (අබුඩාබි), භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), දුෂ්මන්ත චමීර (දිල්ලි බුල්ස්), නුවන් ප්‍රදීප් (නොදන් වොරියර්ස්) එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවෙති.

පාකිස්තානු සුපර් ලීත් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිසර පෙරේරා සහ ඉසුරු උදාන ප්ලැටිනම් කාණ්ඩයෙන් එක්වන අතර නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක ගෝල්ඞ් කාණ්ඩයෙන් එක්වෙනු ඇත.

අබුඩාබි දහයයි10 තරගාවලිය සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අජන්ත මෙන්ඩිස් (පූනේ ඩෙවිල්ස්) සහ චාමර කපුගෙදර (පූනේ ඩෙවිල්ස්) මේ වනවිටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇති බැවින් ඔවුන්ට මෙම තරගාවලිය සඳහා එක්වීමේ වැඩි අවස්ථා ඇත.


- 2079


අදහස් (0)

විදේශීය ලීග් තරගවලට යාමේදී ක්‍රිකට් ආයතනයෙන් කඩුල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.