Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ව්‍යාපාර කළමනාකරණ පාසල අවසන් තරගයට

ව්‍යාපාර කළමනාකරණ පාසල අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන දේශීය තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී සිනීගම ගුණ ජය සතුට පදනම් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා සිනීගම ගුණ ජය සතුට පදනම් කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

පන්දු 36 කදී හතරේ පහර 2 න් සමගින් ලකුණු 37 ක් රැස්කළ අශේන් බණ්ඩාර ගුණ ජය සතුට පදනම් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පබසර වඩුගේ ලකුණු 21 ක් රැස්කිරීමට සමත්විය.

මිශේන් පෙරේරා සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම ඕවර 18.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිඳු මෙන්ඩිස් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් හසිත බෝයගොඩ සමගින් පැවැත්වීය. ඊට අමතරව දෙවැනි කඩුල්ල සඳහා මලින්ද මදුරංග සමගින්ද පන්දු 41 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කමිඳු මෙන්ඩිස් සමත්විය.

පන්දු 49 කට මුහුණදුන් කමිඳු මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් හසිත බෝයගොඩ පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු මලින්ද මදුරංග වේගවත් ආරම්භයක් ලබාදෙමින් පන්දු 31 කදී ලකුණු 45 ක් රැස්කළ අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් හෙට (30 වැනිදා) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම හමුවෙනු ඇත.

ගුණ ජය සතුට පදනම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 147
(පබසර වඩුගේ 21, අශේන් බණ්ඩාර 37, මිශේන් පෙරේරා 06/2, ප්‍රමෝද් මදුශාන් 25/2)

ව්‍යාපාර කළමනාකරණ පාසල - ඕවර 18.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 152
(මලින්ද මදුරංග 45, කමිඳු මෙන්ඩිස් නොදැවී 60, හසිත බෝයගොඩ නොදැවී 34)

 


අදහස් (0)

ව්‍යාපාර කළමනාකරණ පාසල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.