Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයඹ රාජකීය විද්‍යාලය මුල් ඉනිම ජයගනී

වයඹ රාජකීය විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී, මහනුවර ත්‍රිත්ව විද්‍යාල ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉණිමේ ජයක් ලැබීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාල ‘ඒ’ කණ්ඩායම සමත් විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට ඕවර 25 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණි. තරගය නතර කරන විට වයඹ රාජකීය විද්‍යාලය ඕවර 45.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 134 ලබා සිටියේය.

ත්‍රිත්ව විද්‍යාල ‘බී’ පළමු ඉණිම- ඕවර 25 කදී සියලු දෙනා දැවී 88
(තේමිය හේරත් 26, ශ්‍රීජිත් පෙරේරා 25, සිතාර දේශාන් 31/4, පසිඳු රණතුංග 09/2, ඩී.හර්ෂන් 16/2)

වයඹ රාජකීය විද්‍යාල ‘ඒ’ පළමු ඉනිම - ඕවර 45.3 කදී කඩුලු 9 ක් දැවී 134
(ඔසද ගමගේ 37, පසිඳු රණතුංග නොදැවී 32, සොනාල් රණතුංග 07/2, මනිත් වීරසිංහ 21/2, නෙනුක් ප්‍රනාන්දු 42/2)
 
-024

 


අදහස් (0)

වයඹ රාජකීය විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.