Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෙජන්ඩ්ස්ලාට ඩයලොග් අනුග්‍රහය

ලෙජන්ඩ්ස්ලාට ඩයලොග් අනුග්‍රහය

editorial - 2021 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ රායිපූර් හිදී පැවැත්වෙන මාර්ග ආරක්ෂණ විස්සයි-20 ලීගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හිටපු ශ්‍රී ලංකා නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් විසිනි. ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ව සිටි සනත් ජයසූරිය, රංගන හේරත්, උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර සහ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරති.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වී සිටින තරග 5 කින් තරග 4 ක් ජයගෙන සිටින අතර ඉන්දියානු ලෙජන්ඩ්ස් පිල හමුවේ පමණක් පරාජය වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් මාර්තු මස 17 වැනිදා පැවැත්වෙන පළමුවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගෙන සිටී.

දෙවැනි අවසන් පූර්ව තරගය මාර්තු 19 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය 21 වැනිදා මුම්බායිහිදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.

“පැරණි කණ්ඩායම් සගයන් හා මිතුරන් සමඟ නැවත ක්‍රීඩා කිරීම සතුටක්”

“සෑම කෙනෙකු සමඟම හොඳ සම්බන්ධතාවක් තිබියදීත්, මෙම තරගාවලියේදී අපි හැමදෙනාම උපරිම ශක්තියෙන් ක්‍රීඩා කරන බව මම අවධාරණය කළ යුතුයි... අපි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරග වලදී ක්‍රීඩා කළ තරමටම තරගකාරීත්වයෙන් මේ තරගත් ක්‍රීඩා කරනවා”යයි රංගන හේරත් පැවසීය.

“ඩයලොග් ආසියාටා සමාගම වසර 20 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සඳහා විශාල ආයෝජනයක් දක්වනවා. මෙම මාර්ග ආරක්‍ෂණ තරගාවලියේදී නියෝජනය වන එකම ශ්‍රී ලාංකික වෙළඳ නාමය ඩයලොග්” යයි ද රංගන හේරත් වැඩිදුරටත් පැවසීය.


- 213


අදහස් (0)

ලෙජන්ඩ්ස්ලාට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.