‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 4 ක් ජයක් වාර්තා කිරීමට ලූම්බිණි විදුහල සමත්විය.
ලකුණු 151 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ලූම්බිණි විදුහල පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් අතැතිව එම ඉලක්කය පසුකර ගියේය.
ලූම්බිණි විදුහලේ තනුක දාබරේ (61) සහ මොහොමඞ් අක්රම් (නොදැවී 57) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහලට ඕවර 46.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150 ක් පමණි. ලූම්බිණි විදුහලේ චානුක දේවින්ද, ධ්‍යාන් විමුක්ති සහ තනුක දාබරේ කඩුලූ 3 බැගින් දවාගනිමින් ආනන්ද විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.
ආනන්ද විදුහල - ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 150
(නිසල් ප‍්‍රන්සිස්කෝ 41, නිපුන් චාමික 29, චානුක දේවින්ද 27/3, ධ්‍යාන් විමුක්ති 28/3, තනුක දාබරේ 35/3)
ලූම්බිණි විදුහල - ඕවර 49.2 කදී කඩුලූ 6 කට 152
(තනුක දාබරේ 61, මොහොමඞ් අක්රම් නොදැවී 57, කවීෂ අංජුල 34/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.