Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලැබුස්චේන්ගේ ශතකය ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

ලැබුස්චේන්ගේ ශතකය ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (12 වැනිදා) නිමාවට පත්වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට මානස් ලැබුස්චේන් ලකුණු 110 ක්ද, ට්‍රැවීස් හෙඞ් ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී සිය තෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් ලැබුස්චේන් එය හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් අලංකාර කළ අතර හෙඞ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ස්ටීවන් ස්මිත් (43) සමග එක්වූ ලැබුස්චේන්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් ස්මිත් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර දැවී යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ. වෝනර් දැවී ගියේද වැග්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විට ඕස්ටේ්‍රලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජෝ බර්න්ස් ලකුණු 9 කට දවාගැනීමට කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් සමත් වූ අතර ටිම් සවුතිගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට මැතිව් වේඞ් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 කට 248
(ඩේවිඩ් වෝනර් 43, මානස් ලැබුස්චේන් නොදැවී 110, ස්ටීවන් ස්මිත් 43, ට්‍රැවීස් හෙඞ් නොදැවී 20, නීල් වැග්නර් 52/2)


-036


අදහස් (0)

ලැබුස්චේන්ගේ ශතකය ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.