Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිචඞ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විද්‍යාලයට

රිචඞ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විද්‍යාලයට

Nisanka Sandeepani - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය අතර ශ්‍රීමත් රිචඞ් අලුවිහාරේ කුසලාන සදහා පැවැති 37 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ (24 වැනිදා) සමත්විය. කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 149 ක ජයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට හිමිවිය.


 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හසිත බෝයගොඩගේ (109) පිතිහරඹය හමුවේ ඕවර 50 අවසන් වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 305 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 111 කට මුහුණදුන් හසිත බෝයගොඩගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.
 
නායකයාට අනගි සහයක් ලබාදුන් තිසරු දිල්ශාන් ලකුණු 47, අභිෂේක් ආනන්දකුමාර ලකුණු 41 ක් සහ හසින්ත ජයසූරිය ලකුණු 41 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. කල්හාර සේනාරත්න ලකුණු 47 කට කඩුලු 3 ක් දවාගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලයට ඕවර 41 ක් අවසානයෙන් සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි.
 
නවෝද්‍ය විජේකුමාර ලකුණු 37 ක් රැස්කරමින් ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන විට රුවින් පීරිස්, හසිත බෝයගොඩ සහ කවිශ්ක සේනාධීර කඩුලු 2 බැගින් දවාගනිමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
ත්‍රිත්ව විද්‍යාලය විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 305
(හසිත බෝයගොඩ 109, තිසරු දිල්ශාන් 47, අභිෂේක් ආනන්දකුමාර 41, හසින්ත ජයසූරිය 41, පුබුදු බණ්ඩාර 29, කල්හාර සේනාරත්න 47/3)
 
ශා.අන්තෝනී විද්‍යාලය - ඕවර 41 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(නවෝද්‍ය විජේකුමාර 37, කල්හාර සේනාරත්න 31, රුවින් පීරිස් 19/2, හසිත බෝයගොඩ 28/2, කවිශ්ක සේනාධීර 44/2)
 
 

අදහස් (0)

රිචඞ් අලුවිහාරේ කුසලාන ත්‍රිත්ව විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.