වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ඊයේ (16 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලීය පිතිකරුවෝ ඕවර 47.2 කදී කඩුලු පහක් දැවී තම ඉලක්කය පසුකිරීමට සමත්වූහ.
රවිෂ්ක විජේසිරි අර්ධ ශතකයක් (59) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 169 ක් රැස්කළ අතර විශ්මිත විජේසිරි (16/3) සහ තවීශ අභිෂේක් (35/3) කඩුලු තුන බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 169
(රවීන් යසස් 31, තිසර දිල්ෂාන් 29, කල්ප ගිමිහාන් 27, විශ්මිත විජේසිරි 16/3, තවීශ අභිෂේක් 35/3)
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 47.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 173
(රවිෂ්ක විජේසිරි 59, තවීශ අභිෂේක් 49)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.