Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඩ් විදුහලට ඉනිමක ජයක්

රිච්මන්ඩ් විදුහලට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ අනුරාධපුර මධ්‍ය මහා විදුහල අතර ගාල්ල මහින්ද විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවති  වයස අවුරුදු 19 පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහල ඉනිමකින් සහ ලකුණු 72 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය.


රිච්මන්ඞ් විදුහලේ වමතින් පාදඟ පන්දුයවන අවිඳු තීක්ෂණ ලකුණු 57 කට කඩුලූ 11 දවා ගනිමින් මෙම තරගයේ ජය තම විදුහලට අත්කර දුන්නේය.  


පිත්තෙන් දස්කම් දැක්වූ රිච්මන්ඞ් විදුහලේ අවීෂ අභිෂේක් නොදැවී ලකුණු 124 ක් ලබා ගනිමින් ඉහල ලකුණු ප‍්‍රමාණයකට කණ්ඩායම ගෙනඒමට සමත්වීම සහ ලකුණු 69 ක් ලබාගත් ආදිත්‍ය සිරිවර්ධනද මෙම ජයග‍්‍රහණයට උරදෙමින් පිතිකරුඅංශය සවිමත් කිරීම විශේෂ සිදුවීමකි.


ගාල්ල රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම  ඕවර 82කදී සියලූ දෙනා දැවී ලකුණු 308යි.
(අවීෂ අභිෂේක් නොදැවී 124, ආදිත්‍ය සිරිවර්ධන 69,අවිඳු තීක්ෂණ  30,සචින් රන්දිම 35/2,ප‍්‍රභාත් බුද්ධිම 35/2,රචින්ත ප‍්‍රභාශ්වර 78/2,විශ්මිත ධනංජය 80/2)


අනුරාධපුර මධ්‍ය මහා විදුහල පළමු ඉනිම  ඕවර 52.1කදී සියලූදෙනා දැවී ලකුණු 136යි.
(ප‍්‍රභාත් බුද්ධික 23,ශානුක කැලූම් 21, අවිඳු තීක්ෂණ 19/5,කවිඳු එදිරිවීර 48/4,)


අනුරාධපුර මධ්‍ය මහා විදුහල දෙවන ඉනිම සියලූ දෙනා දැවී  ඕවර 37.1කදී ලකුණු 102යි.
(සහන් ඉෂාර 27,ප‍්‍රභාත් බුද්ධික 20)

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.