අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර රත්ගමදී පැවැති තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කිරීමට රිච්මන්ඞ් විදුහල සමත්විය.
ලකුණු 128 ක ජයග‍්‍රාහී ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට රිච්මන්ඞ් විදුහල සමත්වූ අතර පී. ඒ. ධනංජය නොදැවී ලකුණු 53 ක්ද, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 43 ක්ද රැුස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
ද මැසිනොද් විදුහල - ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 127
(ලසිත් කෘයිස්පුල්ලේ 60, චානුක ප‍්‍රනාන්දු 18, කි‍්‍රෂාන් සංජුල 13, කමිඳු මෙන්ඩිස් 5/2, රමිඳු විශ්මිත 13/2)
රිච්මන්ඞ් විදුහල - ඕවර 28.4 කදී කඩුල්ලක් දැවී 128
(පී. ඒ. ධනංජය නොදැවී 53, කමිඳු මෙන්ඩිස් නොදැවී 43, චරිත් අසලංක 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.