Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහලට ලකුණු 191 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට ලකුණු 191 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 191 ක ජයක් වාර්තා කිරීමට රිච්මන්ඞ් විදුහල සමත්විය.

ලකුණු 252 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය රේවත විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 60 ක් පමණි.

එහිදී රිච්මන්ඞ් විදුහලේ පී. ඒ. ධනංජය ලකුණු 29 කට කඩුලූ 5 ක් බිඳ දමමින් රේවත විදුහලේ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කිරීමට සමත්විය.

ලකුණු 16 කට කඩුලූ 3 ක් දවාගත් ඉසිවර චමින්ද ඔහුට අනගි සහයක් දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 103 ක් රැස්කළේය. කමිඳු මෙන්ඩිස් (50) සමග එක්වූ ඔහු තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබීය.


රිච්මන්ඞ් විදුහල -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 251,
(වනිඳු හසරංග 103, කමිඳු මෙන්ඩිස් 50, ඬේවින් කලන්සූරිය 22, මෙහොමඞ් ඉස්රාත් 28/2, අසිඳු කිරුළ 43/2)

රේවත විදුහල -  ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී 60
(විවන්ක මධුෂාන් 16, පී. ඒ. ධනංජය 29/5, ඉසිවර චමින්ද 16/3)

 

- 036


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට ලකුණු 191 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.