රෝහිත් ඉවත් කිරීමෙන් ඉන්දියාව කැළඹෙයි

අයි.පී.එල්. තරගාවලිය තුළදී ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලබන මාසයේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. එහෙත් ඔවුන්ගේ මෙම තීරණය නිසා ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය මහත් සේ කැළඹීමට ලක්ව තිබේ.
මෙම කැළඹීමට විශාල හේතුවක් වී ඇත්තේ ආබාධයකට ලක්ව ඇතැයි කියමින් රෝහිත් ෂර්මාව කණ්ඩායමෙන් ඉවත් කළද ආබාධයකට ලක්ව සිටින මයන්ක් අගර්වාල් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් තුනටම ඇතුළත් කිරීමයි. මේ සම්බන්ධයෙන් හිටපු දඟ පන්දු යවන්නකු වන ප්‍රාග්යන් ඕජා කියන්නේ ඉන්දීය තේරීම් කමිටුව අර්බුදයකට මඟ පාදාගෙන ඇති බවයි.
ඕස්ට්‍රේලියානු සංචාරයේදී ලෝකේෂ් රාහුල්ට උපනායකත්වය පිරිනැමීමත් තවත් අර්බුදයක් බව ඉන්දීය ක්‍රිකට් විචාරකයෝ කියති.
“තරගාවලිය පටන් ගන්නේ තවත් මාසයකින්..... හොඳයි රෝහිත් කණ්ඩායමට ආවයි කියමු.... එතකොට උපනායකයා කව්ද..? “
“විශාල වැදගත්කමක් ඇති තරගාවලියකට යනකොට මේ වගේ අර්බුද මවාගෙන යාම හොඳ දෙයක් නෙමේ“ යයිද ඔව්හු කියති.
“රෝහිත් ශර්මාගේ සහ ඉෂාන්ත් ශර්මාගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම අඛණ්ඩව කටයුතු කරනු ඇත.” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වේ.
ඉකුත් වසරේ (2019) අයි.පී.එල්. තරගාවලියේ ශූරයන් බවට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රෝහිත් ශර්මා, මෙවර තරගාවලියේදී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී කළවේ ආබාධයකට ලක්විය. එම ආබාධ තත්වය හේතුවෙන් ඔහුට ඉන් අනතුරුව පැවැති තරග 2 ටද සහභාගි වීමට නොහැකි විය.
එබැවින් ඔහුගේ ඉවත් කිරීම සාධාරණීකරනය කිරීමේ අවස්ථාව ඉන්දීය තේරීම් කමිටුවට තිබිණ.
තුවල ලබා සිටින බව කියන මුම්බායි ඉන්දියන්ස් නායකයා අද (27 වැනිද) සවස පැවැති පුහුණුවීම් වලදී මුම්බායි පුහුණු දැල තුළ පන්දුවට පහර දෙන වීඩියෝ දර්ශන සමාජ ජලා පුරා පැතිරී තිබිණ.
රෝහිත් ෂර්මාට මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මාට එළබෙන ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත.
ටෙස්ට් තරග 4 කට, එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ඕස්ට්‍රේලියාවේ සංචරයක නිරත වීමට නියමිතය.
මේ අතර අයි.පී.එල්. තරගාවලිය පුරා ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල්, යළිත් වරක් ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව සිටියි.
ඉන්දීය ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් තුනම විරාට් කෝලි විසින් මෙහෙයවනු ලබන අතර ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස අජින්ක්‍යා රහනේද, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල උප නායකයා ලෙස ලොකේෂ් රාහුල් ද නම් කරනු ලැබ සිටිති.
ටෙස්ට් සංචිතය
විරාට් කෝලි (නායක), අජින්‍ක්‍යා රහනේ (උප නායක), මායන්ක් අගර්වාල්, ප්‍රිත්වි ෂෝ, ලොකේෂ් රාහුල්, චෙටේෂ්වාර් පුජාරා, හනුමා විහාරි, ශුබ්මන් ගිල්, රිධිමන් සාහා, රිෂාබ් පාන්ට්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සාමි, උමේෂ් යාදව්, නව්දීප් සයිනි, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින් සහ මොහොමඩ් සිරාජ්
එක්දින සංචිතය
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල් (උප නායක), ශිකර් ධවාන්, ශුබ්මන් ගිල්, ශ්‍රෙයාස් අයියර්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, මායන්ක් අගර්වාල්, රවින්ද්‍ර ජදේජා, යුස්වේද්‍ර චාහල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සාමි, නව්දීප් සයිනි සහ ශර්දුල් ඨාකුර්
විස්සයි20 සංචිතය
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල් (උප නායක), ශිකර් ධවාන්, මායන්ක් අගර්වාල්, ශ්‍රෙයාස් අයියර්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා, සංජු සැම්සන්, රවින්ද්‍ර ජදේජා, වොෂින්ටන් සුන්දර්, යුස්වේද්‍ර චාහල්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් ශාමි, නව්දීප් සයිනි, දීපක් චාහර් සහ වරුණ් චක්‍රවර්ති
-036