Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රොෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශා.ජෝන් විදුහලට ජය ගෙනෙයි

රොෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශා.ජෝන් විදුහලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශතකයක් (131) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ශාන්ත ජෝන් විද්‍යාලයේ රොෂාන් මලිත් පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.

රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(ගිම්හාන් ධනුෂ්ක 22, රොෂාන් මලිත් 29/5, ප්‍රවීන් සඳමාල් 27/2)

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(රොෂාන් මලිත් 131, රමේෂ් මදුසංක 40/3, අමිල දිල්ෂාන් 42/3)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 61.5 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(සහන් සංකල්ප 33, ගිම්හාන් ධනුෂ්ක 26, සසිත මනුප්‍රිය 31/3, දිල්ෂාන් ප්‍රසන්න 03/2)

ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 2.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 14
(රමේෂ් මදුසංක 12/2)


අදහස් (0)

රොෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශා.ජෝන් විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.