මුල් ඉනිමේදී පිතිකරුවන් අසාර්ථක වීම නිසා ලකුණු 121 කට දැවී ගිය නමුත් දෙවැනි ඉනිමේදී හිස එසවූ මහින්ද කී‍්‍රඩකයෝ 111 වැනි ආදරවන්තයන්ගේ සංග‍්‍රාමය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමට සමත් වූහ. රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර 111 වැනි මහ තරගය සෙනසුරාදා (19 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය.
රිච්මන්ඞ් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 221 ක් ලබාගත් හෙයින් ලකුණු 100 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිම ආරම්භ කළ මහින්ද පිලේ පළමු කඩුලූ පහ ලකුණු 57 කට බිඳ වැටිණ. ඉනිමක පරාජය පෙනීි පෙනී තිබියදීත් සිත් දැඩිකරගත් ගිහාන් ධනුෂ්ක (41) සහ රෙෂාන් කාවින්ද (නොදැවී 50) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් අවාසිය මකාගැනීමේ ආසන්නයටම මහින්ද පිල කැඳවාගෙන ආහ.
අනතුරුව පසිඳු දිල්ෂාන් (නොදැවී 30) සමග එක්වූ රෙෂාන් තරගය අවසන් වන විට කඩුලූ 6 කට 156 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූයේ පරාජයේ අවදානමෙන් තම පිල මුදා ගනිමිනි. පන්දු 142 කට මුහුණ දෙමින්, හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසූ රෙෂාන් කාවින්දගේ සටන්කාමී ඉනිම නිසා පිට පිටම තුන්වැනි වරටත් ආදරවන්තයන්ගේ සටන ජයගැනීමට රිච්මන්ඞ් පිලට තිබූ අවස්ථාව මගහැරී ගියේය.
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 75 කදී 121 යි
(නවෝද් පරණවිතාන 28, ගිහාන් ධනුෂ්ක 21, විනුර දුල්සර 35, තිලංග උදීෂණ 19/2, ධනංජය ලක්‍ෂාන් 04/2, චරිත් අසලංක 36/2, අවිඳු තීක්‍ෂණ 45/4)
රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම ඕවර 37 කදී කඩුලූ 7 ට 221 යි
(ධනංජය ලක්‍ෂාන් 18, චරිත් අසලංක 25, චාමිකර හේවගේ 23, වනිඳු හසරංග 42, පසිඳු බිම්සර 43, අසංක ලක්‍ෂාන් 53/4, කි‍්‍රෂාන් රංගජිත් 26/2)
මහින්ද විදුහල - දෙවැනි ඉනිම ඕවර 77 කදී කඩුලූ 6 ක් දැවී 156
(ගිහාන් ධනුෂ්ක 41, විනුර දුල්සර 14, රෙෂාන් කාවින්ද නොදැවී 50, පසිඳු දිල්ෂාන් නොදැවී 30, චරිත් අසලංක 44/2, වනිඳු හසරංග 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.