Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුහුණු - මායා හටන උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී

රුහුණු - මායා හටන උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන 5 වැනි ‘රුහුණු මායා හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (19 සහ 20) මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති මහ ක‍්‍රිකට් තරග 4 න් තරගයක් (2015 වසරේ පැවැති තරගය) ජයගැනීමට ධර්මපාල විදුහල සමත්වී ඇති අතර සෙසු තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග වදින ධර්මපාල විදුහල මෙවර තරග වාරයේදී තරග 14 කට සහභාගි වී ඉන් තරග 3 ක පළමු ඉනිමේ ජය හිමි කරගෙන තිබේ. එම තරගාවලියේ II කාණ්ඩයේ තරග වදින රාහුල විදුහල මෙවර තරග වාරයේදී තරග 13 කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණ 5 ලබාගැනීමට සමත්ව තිබේ.  

ශ‍්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ, මේ වනවිට ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාමගෙන සිටින  ප‍්‍රවේගකාරී පිතිකරු චින්තක ජයසිංහ ධර්මපාල විදුහලේ ආදි සිසුවකු වන අතර ශ‍්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් ති‍්‍රත්වයම නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සුරාජ් රන්දිව්ද, 1996 ලෝක ශූර කණ්ඩායමේ කී‍්‍රඩකයකු වූ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහද රාහුල විදුහලේ ආදි සිසුවෙකි.

හයවැනි වසරේ වර්ණලාභියෙකු වන හිමාෂ ලියනගේ ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාද වේ. ඔහු මෙවර තරග වාරයේ තරග 14 කදී ලකුණු 1147 ක් රැස් කර ඇත්තේ ශතක තුනක් සහ අර්ධ ශතක 5 ක්ද සමගිනි. මෙවර පාසල් තරග වාරයේ ලකුණු 1000 සීමාව පසුකළ පළමු ක‍්‍රීඩකයාද වන හිමාෂගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 195 යි.

දකුණත් පිතිකරුවෙකු සහ දකුණතින් පිට දඟ පන්දුයවනෙක් ලෙස තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මහිම වීරකෝන්, මෙවර තරග වාරයේ තරග 12 කදී කඩුලූ 37 ක් දවාගැනීමට සමත් වී ඇත. එහිදී ඔහු කඩුලූ 5 බැගින් දවාගෙන ඇති අවස්ථා ගණන 2 කි. කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 38 ට කඩුලූ 6 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන නිශාන් පෙරේරා දකුණත් පිට දඟ පන්දු යවමින් සහ දකුණතින් පන්දුවට දෙමින් ධර්මපාල කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරයි. මෙවර තරග වාරයේදී රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව ලකුණු 24 ට කඩුලූ 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

දකුණත් පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන්නකු වන බිමන්ත විපුල් මෙන්ම දකුණත් පිතිකරුවකු සහ පිට දඟ පන්දුයවනනකු වන කවීන් මාතරගේද මෙවර තරග වාරයේ තරග 11 කදී ලකුණු 350 බැගින් ලබා සිටිති. කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 62, බිමන්ත විපුල්ගේ හොඳම ඉනිම වන අතර කොළඹ නාලන්ද විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 64 කවීන් මාතරගේගේ හොඳම ඉනිම වේ.

වමතින් පිත්ත හසුරුවන යසිරු හේවානාදුගල මාතර රාහුල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර මෙවර තරග වාරයේ තරග 15 කදී ලකුණු 580 ක් රැස්කිරීමට ඔහු සමත්වී ඇත. කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 95 ක් ලබාගැනීම ඔහුගේ ඉහළම ලකුණු ලබාගැනීම වේ. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන යසිරු, දකුණතින් පිටදඟ පන්දු යවන්නකු ලෙස රාහුල විදුහල වෙනුවෙන් කඩුලූ 51 ක් දවාගෙන ඇත.
 
වමත් පාදඟ පන්දු යවන්නකු ලෙස කටයුතු කරන උපනායක පසන් සමරතුංග මෙවර තරග  වාරයේ තරග 15 කදී කඩුලූ 40 ක් දවාගෙන ඇති අතර, හොරණ තක්ෂිලා විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 31 කට කඩුලූ 7 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වේ.

වමතින් පිත්න හසුරුවන පිරුන හේවාමද්දුම, තරග 15 කදී ලකුණු 503 ක් රැුස්කරගෙන ඇති අතර, අම්බලන්ගොඩ කුලරත්න විදුහලට එරෙහිව ලබාගත් ලකුණු 66 ඔහුගේ ඉහළම ලකුණු ලබාගැනීම වේ.

වමත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙස රාහුල විදුහල් කණ්ඩායමට එක්ව සිටින හසිඳු සංකල්ප තරග 15 කදී කඩුලූ 48 ක් දවාගෙන ඇති අතර, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට එරෙහිව ලකුණු 18 කට කඩුලූ 9 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වන ඩිෂාන් සඳරුවන්, තරග 11 කදී කඩුලූ 33 ක් දවාගැනීමට සමත්වී ඇත. ඩිෂාන්, 19 පහළ පාකිස්තාන තරග සංචාරයේ සහ 19 පහළ ලෝක කුසලාන විසිදෙනාගේ සංචිතයේද සිටි ක‍්‍රීඩකයෙකි.

 


මාතර රාහුල විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට - යසිරු හේවානාඳුගල (නායක), පී. අයි. ඩබ්. ජයසේකර (පුහුණුකරු), නිහාල් අබේවික‍්‍රම (සහකාර විදුහල්පති - ක‍්‍රීඩා), නිමල් දිසානායක (විදුහල්පති), පී. රනරාජා (ක‍්‍රීඩාභාර ආචාර්ය), විරාජ් හෙට්ටිආරච්චි (ක‍්‍රිකට් භාර ආචාර්ය), පසන් සමරතුංග (උපනායක)
පසු පෙළ වමේ සිට - තුෂාන් නිම්නක, හරිදු හේෂාන්, හේෂාන් දිල්හාර, පිරුණ හේවාමද්දුම, අවිදු ප‍්‍රබුද්ධික, දිනුක මදුෂාන්, භාග්‍ය එදිරිවීර, ඩිෂාන් සඳරුවන්, සසිත් මන්රංග, හසිදු චානුක, නුවන් අන්තෝනිගේ, සසංක චන්දනායක, යුරාජ් චානක, රවිශ්ක නානායක්කාර

 

 

ධර්මපාල විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට - කවීන් මාතරගේ (උප නායක), සරත් වීරසිංහ (ක‍්‍රිකට් භාර ආචාර්ය), හිමාෂ ලියනගේ (නායක), කේ. ජී. විමලසේන (විදුහල්පති), බිමන්ත ලක්ප‍්‍රිය, වරුණ විතානකන්ද (ක‍්‍රීඩා භාර ආචාර්ය), නිෂාන් පෙරේරා
පසු පෙළ වමේ සිට - දුලාජ් එගොඩගේ, විහන හසංජන, ගිම්හාන් මුණසිංහ, තරිඳු සඳරුවන්, කණිෂ්ක ජයසුන්දර, අවිශ්ක හසරින්ද, ඉසුරු ඩයස්, මහීම වීරකෝන්, හසන්ත විශ්වජිත්, චමිදු සමරසිංහ, කවිඳු පෙරේරා, අමිල උදයංක (පුහුණුකරු)

 

- 036


අදහස් (0)

රුහුණු - මායා හටන උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.