Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුහුණු මහ නිල් සටන අද ඇරඹෙයි

රුහුණු මහ නිල් සටන අද ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර 118 වැනි  රුහුණු මහා නිල් සටන අද සිට දින තුනක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම විද්‍යාලාන්තර ක්‍රිකට් තරග වලින් එකක් වන මෙය ආරම්භ වී ඇත්තේ 1900 වසරේදීය. බිහිසුණු කලබලකාරි වාතාවරණ පැවැති වසරවලදී පවා මෙම තරගය අඛණ්ඩව පවත්වා තිබීම විශේෂත්වයකි.

මෙවර තරගයේ සත්කාරක පාසල ලෙස කටයුතු කරන සාන්ත සර්වේශස් විද්‍යාලය මේ දක්වා පැවැති මහ තරග අතුරින් තරග 27ක් ජයග්‍රහණයකර තිබේ. සාන්ත තෝමස් විද්‍යාලය තරග 33 ක් ජයග්‍රහණය ඇත. තරග 57ක් ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන්වරට ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ නිමල් මුණවීරගේ නායකත්වයෙන් 1971වසරේදීය. සාන්ත තෝමස් විද්‍යාලය 2007 වසරේදී තාරක දුෂ්්‍යන්තගේ නායකත්වයෙන් අවසන් වරට තරගය ජය ගෙන ඇත. සාන්ත සර්වේශස් විද්‍යාලය වසර 46 ක් තිස්සේ ද සාන්ත තෝමස් විද්‍යාලය වසර 10ක් තිස්සේද රුහුණු මහා නිල් සටනේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරයි.

ගෙවී යමින් පවතින පාසල් තරග වාරයේදී සාන්ත සර්වේශස් විද්‍යාලය තරග 12 කට සහභාගී වී පූර්ණ ජයග්‍රහණයක් සමගින් පළමු ඉනිමේදී ජයග්‍රහණ 03 ක් ලබා  ගෙන ඇත. සාන්ත තෝමස් විද්‍යාලය  තරග 20 කට සහභාගිවී පූර්ණ ජයග්‍රහණය  03 ක්ද පළමු ඉනිමේ ජයග්‍රහණයක්  07 ක්ද ලබා ගෙන තිබේ.

සනත් ජයසූරිය, රුචිර පල්ලියගුරුගේ, කසුන් මධුශංක සහ කසුන් රාජිත  සාන්ත සර්වේශස් විද්‍යාලය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසි ක්‍රීඩකයෝ වෙති. ඉන්දික සේරම් සහ ප්‍රභත් නිශ්ශංක සාන්ත තෝමස් විද්‍යාලයෙන්  ජාතික කණ්ඩායමට පිවිසි ක්‍රීඩකයෝ වෙති. 

මෙවර සාන්ත සර්වේශස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා 19න් පහල ක්‍රිකට්  කණ්ඩායම නියෝජනය කළ තිලාන් ප්ර්සාන් ලොරෙන්සුහේවා කටයුතු කරයි. සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයා ලෙස 04 වන වසරේ වර්ණ ලාභීයකු වන එස්. තරුෂ කාවින්ද කටයුතු කරයි.

සාන්ත සර්වේශස් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම - ඉදිරිපෙල වමේ සිට

ජී.එච්.නයනානන්දසිල්වා (කණ්ඩායම භාර ආචාර්ය), ඉසුරු දලදාවත්ත, ඩී.ඩී.ඒ.විජේසිංහ (ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පති), තිලාන්ලොරෙන්සුහේවා (නායක), මුණිදාස රත්නසේකර (විදුහල්පති), චරිත් හර්ෂණ (උප නායක), කේ.කේ.ඒ.ප්‍රසන්න (ක්‍රීඩාභාර සහකාර විදුහල්පති), සදරුනෙත්මිණ, රවින්ද්‍ර ඒ. පල්ලියගුරුගේ(පුහුණුකරු)

මැද පෙල වමේ සිට - පසිඳු මනුප්‍රිය, රිසිර ලක්වින්, ශෂික දුල්ෂාන්, සුපුන් කාවින්ද, කේසර නුවන්ත, චේතක දෙනුවන්, රුවින්ද රෝචන, ඩිලක්ෂණ කාවින්ද, පසන් තත්සර, පුෂ්පිත දිල්ෂාන්.

පසු පෙලවමේ සිට - දිනුර දිල්මිත්, කවිඳු දුලක්ෂිත, වරුණ විශ්ව, රුචිර සංකල්ප, කවිශ්ක හර්ෂමාල්, ශානක දිදුලන්ත, නිපුන් රංගිත්, රිතික් අනුරාධ, නවීන් සාහිත්, චිහාන් කලිදු.

සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම-  ඉදිරි පෙල වමේ සිට
මිහිසල් අමෝද, චරිත් පල්ලියගේ(පුහුණුකරු), ජනත් මතඟධීර (ක්‍රීඩා භාර
 නියෝජ්‍ය විදුහල්පති), තරුෂ කාවින්ද්‍ය (නායක), ඩබ්ලිව්.බී.පියතිස්ස (විදුහල්පති), මලීෂ ද සේරම් (උප නායක), ඩබ්ලිව්.එම්.ඒ.ඩී. ලක්මාල් (ක්‍රකට් භාර ආචාර්ය), දුමිඳු හේවාපතිරණ (සහාය පුහුණුකරු) සහ ලහිරු ඩිල්ශාන්.

මැද පෙල වමේ සිට - උදිත් සත්සර, සිනෙත් සිතාර, වෝෂිත අත්සර අමරසිංහ, ගිසන්තික ජයවීර, හසරු අනුරංග, කවිඳු රිද්මාල්, හිරුෂ ජීවදිත්, ජේ.පී.හරිදු, ජී. විදුෂාන්, චාමික රණසිංහ, හිරන්ත ලක්ෂාන්.

පසු පෙලවමේ සිට - සතිර තීක්ෂණ, සචිර රෂ්මික, රුසිරු චානක ද ලැනරෝල්, නිමන්තක භාෂණ, නිපුන් රුචිර, සංජය මධුරංග

 

 


අදහස් (0)

රුහුණු මහ නිල් සටන අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.