පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අවසන් වූ ‘රුහුණු-මායා සටන’ 5 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් මාතර රාහුල විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 213 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 207 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 97 ක් ලබාගැනීමට පිරුණ දුෂ්මින සමත්විය. චමිදු සමරසිංහ එහිදී ලකුණු 56 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 164 කට සීමා කිරීමට රාහුල විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ. මහීම වීරකෝ එහිදී අර්ධ ශතකයක් (55) ලබාගත්තේය. ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට හසිදු සංකල්ප සමත්විය.
දෙවන ඉනිමේදී කඩුලූ 5 කට ලකුණු 106 ක් රැස්කර ඉනිම අත්හිටුවීමට රාහුල විද්‍යාලය තීරණය කලේය. චමිදු සමරසිංහ ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
තරගය අවසන් වන විට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සිය දෙවැනි ඉනිම සදහා කඩුලූ 2 ක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර වාර්ෂික මහා ක‍්‍රිකට් තරග 5 ක් මේ දක්වා පවත්වා ඇති අතර ඉන් එක් තරගයක් (2015) ජයගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත්ව තිබෙන අතර සෙසු තරග හතර විස`දුමකින් තොරව අවසන්වී ඇත.
රාහුල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 76.3 කදී සියලූ දෙනා දැවී 213
(පිරුණ දුෂ්මින 97, නුවන් මදුෂංක 47, චමිදු සමරසිංහ 56/3, දිමන්ත ලක්ප‍්‍රිය 22/2)
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 64.3 කදී සියලූ දෙනා දැවී 164
(මහීම වීරකෝන් 55, කනිෂ්ක ජයසුන්දර 21, හිමාෂ ලියනගේ 20, හසිදු සංකල්ප 25/3, පසන් සමරතුංග 43/2, දිෂාන් සදරුවන් 55/2)
රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 37 කදී කඩුලූ 5 ට 106
(යසිරු හේවානදුගල 38, දිනුක මදුෂාන් 33, චමිදු සමරසිංහ 32/3)
ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 6 කදී කඩුලූ 2 ට 32
(හිමාෂ ලියනගේ 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.