Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුහුණු මහ නිල් සටනේ තියුණු අවසානයක්

රුහුණු මහ නිල් සටනේ තියුණු අවසානයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති 118 වැනි ‘රුහුණු මහ නිල් සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සර්වේෂස් විදුහල් ක්‍රීඩකයෝ තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 136 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 9 ක් පසුපසින් සිටියහ. පළමු ඉනිමේදී (52) අර්ධ ශතකයක් ලබාගත් කේෂර නුවන්ත, දෙවැනි ඉනිමේදීද (62) අර්ධ ශතකයක් ලබාගත් නමුත් සර්වේෂස් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු නොහැකි විය.

ශාන්ත සර්වේෂස් විදුහලට වඩා ලකුණු 6 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත තෝමස් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස්කළේය. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ශාන්ත තෝමස් කණ්ඩායමේ එකම අර්ධ ශතක  ලාභියා බවට පත්වූ ළහිරු දිල්ෂාන් ලකුණු 50 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශෂික දුල්ෂාන් සහ තිලාන් ප්‍රෂාන් කඩුලු 4 බැගින් දවාගනිමින් ශාන්ත තෝමස් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 7 ත් සමගින් සමස්ත තරගයේදී ලකුණු 94 කට කඩුලු 11 ක් බිඳහෙළීමටද ශෂික දුල්ෂාන් සමත් විය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලු දෙනා දැවී 158
(ළහිරු දිල්ෂාන් 60, ශෂික දුල්ෂාන් 56/7, සුපුන් කාවින්ද 26/2)

ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලු දෙනා දැවී 164
(කේෂර නුවන්ත 52, පුෂ්පිත දිල්ෂාන් 35, සුපුන් කාවින්ද 22, සචිර රෂ්මික 48/5)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 90.4 කදී සියලු දෙනා දැවී 150
(ළහිරු දිල්ෂාන් 50, ගිෂාන්තික ජයවීර 31, ශෂික දුල්ෂාන් 38/4, තිලාන් ප්‍රෂාන් 35/4)

ශාන්ත සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 9 ක් දැවී 136
(කේෂර නුවන්ත 62, සුපුන් කාවින්ද 35, ළහිරු දිල්ෂාන් 29/4)

 

 


අදහස් (0)

රුහුණු මහ නිල් සටනේ තියුණු අවසානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.