Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගයේ වාසිය උදුරා ගැනීමට දෙපිලම පොර බදන කදිම තරගයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන රාවල්පිණ්ඩ් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වන විට පාකිස්තානුවෝ ලකුණු 200 ක වාසියක් අත්කරගෙන සිටියහ. තරගයේ තුන්වැනි දිනය වන අද (6 වැනිදා) දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම දිනයේ ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 129 ක් රැස්කරගෙන සිටියේය.
මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 71 ක වාසියත් සමගින් පාකිස්තානුවන්ගේ වාසිය ලකුණු 200 කි.
කඩුලු රකින්නා වන මොහොමඩ් රිස්වාන් (නොදැවී 28) සහ ෆාහිම් අශ්රෆ් (29) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් පාකිස්තානයේ වාසිය ලකුණු 200 න් ඔබ්බට ගෙන ගියහ.
පාකිස්තානු පිතිකරුවන් වෙත පීඩනය එල්ල කෙරුණේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ගෙනි. තේ පානයට පෙර එක දිගට යැවුණු ඕවර 8 ක් නිලකුණු ඕවර විය. ඇන්රික් නෝයේ එක එල්ලේම නිලකුණු ඕවර 5 ක් යැවූ අතර කගීසෝ රබාඩා තවත් ඕවර 3 කින් ඊට සම්මාදම් විය. මේ අතරවාරයේදී දකුණු අප්‍රිකානු පිලේ වමත් දඟ පන්දු යවන්නන් වූ කේෂව් මහාරාජ් (74/2) ජෝර්ජ් ලින්ඩි (12/3) කඩුලු 5 ක් බෙදාහදා ගත්හ.
පාකිස්තානු පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනාම ලකුණු 76 ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. එන පොට හොඳනැති බව වටහාගත් මොහොමඩ් රිස්වාන් සහ ෆාහිම් අශ්රෆ් දෙදෙනා පන්දු යවන්නන්ට අභියෝග කරමින් පන්දුව හතරේ සීමාවට යැවීමට උත්සාහ කළෙන් විනාඩි 55 ක් ඇුතුළත ලකුණු 51 ක් ගලා ආවේය. එහෙත් නවක ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩිට ආක්‍රමණය හමුවේ නොසැලී සිටීමට තරම් ධෛර්යය තිබුණ හෙයින් ෆාහිම් අශ්රෆ්ගේ ඉනිම ඉක්මනින් නිමා විය.
පාකිස්තානය - පළමු ඉනිම 272 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 201 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 129 යි
(අබිඩ් අලි 13, අසාර් අලි 33, ෆවාඩ් අලාම් 12, මොහොමඩ් රිස්වාන් නොදැවී 28, ෆාහිම් අශ්රෆ් 29, කේෂව් මහාරාජ් 74/2, ජෝර්ජ් ලින්ඩි 12/)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.