Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජගිරිය ජනාධිපති - අශෝක විදුහල් මහ තරගය හෙට

රාජගිරිය ජනාධිපති - අශෝක විදුහල් මහ තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජගිරිය ජනාධිපති විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැත්වෙන 10 වැනි ‘රන් හටන’ වාර්ෂික එක්දින තරගය හෙට (2) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එක්දින සීමිත  ඕවර තරගයක් වන මෙම තරගය එක් පිලකට  ඕවර 50 කට සීමා වේ.

දෙපිලම වර්ණ ඇඳුම් ඇඳ සුදු  පන්දුවෙන් කී‍්‍රඩා කරනු කරයි.

මෙම විදුහල් දෙක අතර මේ දක්වා පැවැති තරග 9 න් අටක්ම ජය ලබා ජනාධිපති විදුහල ඉදිරියෙන් සිටින අතර අශෝක විදුහල ජය ගෙන ඇත්තේ තරගයක් පමණි.

මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී ජනාධිපති විදුහල I වැනි කොටසෙන් තරග වදින අතර අශෝක විදුහල තරග කරන්නේ II වැනි කොටසෙනි. පස්වැනි වසරේ වර්ණලාභියකු වන දුලිත මැනික්මාල් අශෝක විදුහල් කණ්ඩායමේ නායකයා වේ.

මෙවර පාසල් තරගවාරයේදී වෙස්ලි විදුහලට එරෙහිව ශතකයක් ලබාගත් ඉෂාර මධුෂංක, යසිත් නිර්මල, ෂෙනාල් දිලක, ෂෙහාන් පි‍්‍රයමාල් සහ පසන් ශ්‍යවින්ද අශෝක විදුහල් කණ්ඩායමේ සිටින ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

මේනක ජයසිංහ සහ චරිත් ගුණවර්ධන යන මහත්වරු අශෝක විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.

පස්වැනි වසරේ වර්ණලාභියකු වන මල්ෂ ජයවර්ධන, ජනාධිපති විදුහල් කණ්ඩායමේ නායකයා වන අතර ඔහු මෙවර තරගවාරයේ ලකුණු 538 ක් ලබා තිබේ. නෙත්මිණ කොඩිප්පිලි, කඩුලූ රකින ක‍්‍රීඩක නවෝද් කලංසුරිය සහ ඉරුණ සිගේරා යන පිතිකරුවෝ ලකුණු 500 සීමාව පසු කිරීමට සමත්ව සිටිති.

ඩබ්ලිව්.එල්.විතානගේ මහතා ජනාධිපති විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

 

 

 

 

 

 

 

ජනාධිපති විදුහල

 

 

 

 

 

 

 

 

 

 

අශෝක විදුහල

 

- 090

 


අදහස් (0)

රාජගිරිය ජනාධිපති - අශෝක විදුහල් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.