කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයට ප‍්‍රධාන අනුග‍්‍රහය පිරිනැමීමට ‘ඩයලොග් ආසියාටා’ සමාගම යළිත් ඉදිරිපත්ව සිටියි.
මෙවර තරගය කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වේ. දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 19 වැනිදා දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ඉතිහාසයේ පාසල් වාර්ෂික එක්දින තරගයක් විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ.
අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනැමීමේ උත්සවය ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහ ‘ඩයලොග් ආසියාටා’ සමාගමේ සමූහ වෙළෙ`ද ප‍්‍රධානී අමලි නානායක්කාර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍ය ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා, සාන්ත තෝමස් විද්‍යාලයේ පාලක මාක් බිලිමෝරියා පියතුමා සහ ක‍්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
.jpg)
‘ඩයලොග් ආසියාටා’ සමාගමේ සමූහ වෙළෙඳ ප‍්‍රධානී අමලි නානායක්කාර මහත්මිය විසින් රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතාට සහ සාන්ත තෝමස් විද්‍යාලයේ පාලක මාක් බිලිමෝරියා පියතුමාන්ට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව. ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද, රාජකීය විදුහල් පිලේ නායක ගීෂාත් පණ්ඩිතරත්න සහ සාන්ත තෝමස් විදුහල් පිලේ නායක සචිත ජයතිලක දෙදෙනාද ඡායාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.