හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රධානතම පාසල් දෙකක් වන හොරණ රාජකීය විද්‍යාලය හා හොරණ විද්‍යාරතන විශ්ව පීඨය අතර වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය බදාදා (6 වැනිදා) හොරණ මහජන ක‍්‍රීඩාංගණයේ පැවැත්වේ.
හොරණ රාජකීය විද්‍යාලයීය විදුහල්පති ලූතිනන් එච්. ඞී. බී.එල්. ගුණතිලක මහතාගේ සංකල්පයක් මත මෙම ක‍්‍රිකට් තරගය පළමු වරට 2015 වර්ෂයේ දී පැවැත්විණ. මෙවර තරගය සංවිධානය කරන්නේ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ පීඨාධිපති පූජ්‍ය ඕපල්ලේ ඥානසිරි හිමියෝ ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලයයි.
මෙවර තරගයේ සමාරම්භක උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතා සහභාගි වීමට නියමිතය.
රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ලහිරු දිල්හාන්ගේ නාකයත්වයෙන් තරග කරන අතර විද්‍යාරතන විද්‍යාලයීය කණ්ඩායම රශ්මික සිරිවර්ධන නායකත්වයෙන් තරග කරයි.
මෙම ක‍්‍රිකට් තරගයට සමගාමීව විද්‍යාල දෙකෙහි ගුරු භවතුන්ගේ ක‍්‍රිකට් තරගයක් හා විද්‍යාල දෙකෙහි ශිෂ්‍ය නායකයින්ගේ ක‍්‍රිකට් තරගයක් හෙට (05 වැනිදා) හොරණ මහජන කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.

හොරණ රාජකීය විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට - නදුල තරුපති, තරිඳු නලීන්, ලහිරු දිල්හාන්(නායක), ලක්ෂ්මන් අධිකාරි(ක‍්‍රිකට් භාර අචාර්ය), එච්.ඞී.බී.එල්. ගුණතිලක (විදුහල්පති) නිපුන අබේවර්ධන (පුහුණුකරු), හසිත ප‍්‍රදීප් (උප නායක), නවෝද් දිල්ශාන්, චන්දු විනෝද්,
පසුපෙළ වමේ සිට - නවීන් අවිශ්ක, මනිල්ක සන්දීප, පියුමාල් ටෙරාන්, චමෝද් ජාලිය, කුමේෂ් උමින්ද, අකිල හේවගේ, යුක්ති දර්ශන, දුල්ශාන් ශාමින්ද, රුක්ෂාන් චානුක, හර්ෂ මධුශාන්

විද්‍යාරතන විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට - සනත් දැදිගම(ක‍්‍රිකට් භාර ආචාර්ය), ඕපල්ලේ ඥානසිරි හිමි (විදුහල්පති), ක‍්‍රිශාන්ත ඉන්දික(පුහුණු කරු),
පසු පෙළ වමේ සිට - එම්.කේ. රිශාන්, පී.ඒ. දිල්ශාන්, වී.පසිඳු, ඩබ්. එම්. සුලෝචන, ඞී.ආර්.පී.එස්. සිරිවර්ධන, එච්.එම්. ඔශේන්, ඞී. ගාල්ලගේ, එල්. සචින්ත, කේ. උදාර, ලහිරු මධුෂාන්, ඒ.කේ. මධුරංග, කේ.එච්. නවෝද්‍ය, එල්.එන්.එම්. මලිත් සහ ටී.එම්. දිල්ශාන්
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.