Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවීන්ගේ 198 න් දේවපතිරාජ දිනුම්

රවීන්ගේ 198 න් දේවපතිරාජ දිනුම්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආශෝක විදුහලට එරෙහිව කොලොන්නාවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ලකුණු 198 ක් රැස්කිරීමට රත්ගම දේවපතිරාජ විදුහලේ රවීන් යසස් සමත් විය.

පන්දු 269 කදී වාර්තා වූ රවින්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 24 ක් ඇතුළත් විය. ඔහුගේ විශිෂ්ට පිතිහරඹය නිසා දේවපතිරාජ කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 267 ක ජයක් ලබාගත්හ.

ප‍්‍රසන්න කරුණාවංශ (79) සමග එක්ව දේවපතිරාජ විදුහලේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රවීන් සමත් විය.

අශෝක විදුහල පළමු ඉනිම -  ඕවර 20.4 කදී සියලූ දෙනා දැවී 53  
(නිර්මාල් සමරදිවාකර 22, කසුන් ළහිරු 12/5)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 102.3 කදී කඩුලූ 9 ක් දැවී 471
(රවීන් යසස් 198, ප‍්‍රසන්න කරුණාවංශ 79, සුදීර වීරරත්න 47, අවිෂ්ක චේනුක 34, අශේන් කාංචක නොදැවී 29, පැතුම් මධුසංක 26, සසිඳු සත්සර 20, අවිෂ්ක පෙරේරා 118/3, දුලිත් මනික්මාල් 61/2)

අශෝක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 151
(ප‍්‍රසාද් සේවින්ද 42, චමිත් ලක්ෂාන් 30, දුලිත් මනික්මාල් 20, දිලංක චන්ද්‍රසේකර 16, රවීන් යසස් 26/4, තිසර දිල්ෂාන් 72/3)

 


අදහස් (0)

රවීන්ගේ 198 න් දේවපතිරාජ දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.