Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොහාන් - පවන් පරතරය තවත් අඩුවෙයි

යොහාන් - පවන් පරතරය තවත් අඩුවෙයි

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 13 වැනි සතිය නිමාවට පත්වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටින පවන් ඩයස් සහ දෙවැනි ස්ථානයේ පසු වන යොහාන් මෙන්ඩිස් අතර තිබූ ඡන්ද 3694 ක පරතරය ඉකුත් සතිය (14 වැනි සතිය) වන විට ඡන්ද 892 ක් දක්වා අඩු වී තිබේ.


පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් මේ වන විට ඡන්ද 11,579 ක් ලබා තවදුරටත් ඡන්ද සටහනේ පෙරමුණ් රැදී සිටියද ගෙවී ගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 342 ක් පමණි.


එම සතිය තුළදී ලබාගත් ඡන්ද 3138 සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 10,687 ක් දක්වා ඉහළ නංවා ගැනීමට ඉකුත් සතියේදී ඡන්ද සටහනේ දෙවැනි ස්ථානයට පැමිණි ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සමත්ව සිටියි.


සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 7434 ක් වන අතර මේ සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 6 ක් පමණි.


බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවින් සේයර් පිළිවෙලින් ඡන්ද 1786 ක් සහ 511 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථානයන්හි රැදී සිටිති.


ඡන්ද 2489 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.


මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ජූනි මස 16 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අවසන් වරට කූපන්පත් පළවන්නේ ජූනි 12 වැනිදා පුවත්පත්වලය.


සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල      ඡන්ද
පවන් ඩයස් පානදුර රාජකීය විදුහල 11579
යොහාන් මෙන්ඩිස්  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 10687
ළහිරු තඹවිට කළුතර සිරිකුරුස විදුහල 7436
ලක්ෂිණ රුද්‍රිගූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල 1786
රවින් සේයර් මහනුවර ති‍්‍රත්ව විදුහල 511
මල්ෂාන් රොද්‍රිගූ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 304
කෙවින් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විදුහල 212
පසිඳු සූරියබණ්ඩාර කොළඹ රාජකීය විදුහල  168
ගීතාල් ප‍්‍රනාන්දු   කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 148
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල 104

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල      ඡන්ද
මාධව ප‍්‍රනාන්දු  මෝදර ද ලාසාල් විදුහල 2489
දිල්ෂාන් මධුෂංක පාදුක්ක සිරි පියරතන විදුහල 104
රියාස් රිස්වි අකුරණ අසාර් විදුහල 2

 

ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1. ඈන් නිලංගි ප‍්‍රනාන්දු, ටී 3 ඒ, ජෝන් කීල්ස් කුළුණ යුනියන් පෙදෙස, කොළඹ 2

2. එන්. ඞී. රණබාහු, 22/8, රෝලි ප‍්‍රනාන්දු පාර, කටුබැද්ද, මොරටුව

3. හර්ෂණී පීරිස්, 32, දෙවැනි වීදිය, අගරදගුරු මාවත, තුඩැල්ල, ජා ඇල

4. එම්. මුෆීස්, 4, දෙස්තර වීදිය, වැල්ලම්පිටිය

 

- 036

 


අදහස් (0)

යොහාන් - පවන් පරතරය තවත් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.