Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොහාන් මෙන්ඩිස් ගමන වේගවත් කරයි

යොහාන් මෙන්ඩිස් ගමන වේගවත් කරයි

ශනුක අරවින්ද - 2016 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරළියක් කරමින් දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සමත්ව සිටියි.

ඉකුත් සතිය නිමා වන විට ඡන්ද සටහනේ තෙවැනි ස්ථානයේ රැදීසිටි යොහාන් මෙන්ඩිස්, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 4125 ත් සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 7543 ක් දක්වා වැඩි කරගනිමින් දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් ඡන්ද 11,237 ක් ලබා තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ් රැදී සිටින අතර මේ සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4539 කි.

ඉකුත් සතිය නිමාවන තෙක්ම ඡන්ද සටහනේ දෙවැනි ස්ථානයේ රැදීසිටි කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට එහි තෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙන අතර මේ සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 932 ක් පමණි. මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 7428 කි.

ඒ අනුව දෙවැනි ස්ථානයේ පසුවන යොහාන් මෙන්ඩිස්, පවන් ඩයස්ට වඩා ඡන්ද 3694 ක්ද, තෙවැනි ස්ථානයේ පසුවන ළහිරු තඹවිට, පවන් ඩයස්ට වඩා ඡන්ද 3809 ක්ද පසුපසින් සිටිති. තරගය නිමා වීමට තවත් සති 4 ක කාලයක් තිබේ.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවින් සේයර් පිළිවෙලින් ඡන්ද 1768 ක් සහ 504 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථානයන්හි රැදී සිටිති.

ඡන්ද 2430 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ජූනි මස 16 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අවසන් වරට කූපන්පත් පළවන්නේ ජූනි 12 වැනිදා පුවත්පත්වලය.

කී‍්‍රඩකයා       පාසල      ඡන්ද
පවන් ඩයස් පානදුර රාජකීය විදුහල 11237
යොහාන් මෙන්ඩිස්  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 7543
ළහිරු තඹවිට කළුතර සිරිකුරුස විදුහල 7428
ලක්ෂිණ රුද්‍රිගූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල 1768
රවින් සේයර් මහනුවර ති‍්‍රත්ව විදුහල 504
මල්ෂාන් රොද්‍රිගූ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 304
කෙවින් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විදුහල 197
පසිඳු සූරියබණ්ඩාර කොළඹ රාජකීය විදුහල  168
ගීතාල් ප‍්‍රනාන්දු   කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 131
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල 97
     
කී‍්‍රඩකයා       පාසල      ඡන්ද
මාධව ප‍්‍රනාන්දු  මෝදර ද ලාසාල් විදුහල 1643
දිල්ෂාන් මධුෂංක පාදුක්ක සිරි පියරතන විදුහල 104
රියාස් රිස්වි අකුරණ අසාර් විදුහල 2


ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1 කෙවින් පෙරේරා, සුරාජ් ෆැෂන්, දළුවකොටුව, කොච්චිකඬේ

2 එලිසබෙත් ඥාණප‍්‍රගසම්, 351 2/3, ගාලූ පාර, කොළඹ 6  

3 රුවන් ලංකාරස, 978/3 සී, මාලබේ පාර, කොට්ටාව, පන්නිපිටිය  

4 ආර්. පී. ඞී. බී. ධර්මපි‍්‍රය, පාර්ලිමේන්තුව, කෝට්ටේ

-036


අදහස් (0)

යොහාන් මෙන්ඩිස් ගමන වේගවත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.