Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුද හමුදා ‘ඒ’ - නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමශූරියෝ වෙති

යුද හමුදා ‘ඒ’ - නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමශූරියෝ වෙති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සමශූරියන් වීමට යුද හමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත්වූහ.

අවසන් මහා තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර දිනය පුරා පැවැති වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව තරගාවලියේ සමශූරියන් ලෙස යුදහමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

පසුගියදා සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 23 ක ජයක් හිමිකරගත් යුදහමුදා ‘ඒ’ කණ්ඩායමත්, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 183 ක දැවැන්ත ජයක් හිමිකරගත් නාවික හමුදා කණ්ඩායමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

 


අදහස් (0)

යුද හමුදා ‘ඒ’ - නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමශූරියෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.