Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුදහමුදා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට

යුදහමුදා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට යුදහමුදා ‘ඒ’ කණ්ඩායම අද (04 වැනිදා) සමත්විය. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 23 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් යුදහමුදා ‘ඒ’ කණ්ඩායමට ඕවර 45 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.

ක්‍රිෂාන්ති සඳමාලී ලකුණු 33 ක් රැස්කරමින් යුදහමුදා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරියවූ අතර නිලක්‍ෂී ද සිල්වා ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය. චමරි පොල්ගම්පොල කඩුලු 3 ක් ද ශයනි දිනක්‍ෂී සහ දර්ෂනී ධර්මසිරි කඩුලු 2 බැගින් දවාගනිමින් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය ගුවන් හමුදා කණ්ඩායමට ඕවර 38.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101 ක් පමණි. යශෝධා මෙන්ඩිස් සහ චමරි පොල්ගම්පොල ලකුණු 23 බැගින් රැස්කිරීමට සමත්වූහ.

සුගන්දිකා කුමාරී කඩුලු 3 ක් ද නිලූකා කරුණාරත්න සහ මදුශිකා මෙත්තානන්ද කඩුලු 2 බැගින් දවාගනිමින් යුදහමුදා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට ගෙන යෑමට ඔවුන් සමත්වූහ.

යුදහමුදා ‘ඒ’ කණ්ඩායම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(ක්‍රිෂාන්ති සඳමාලී 33, නිලක්‍ෂී ද සිල්වා 23, චමරි පොල්ගම්පොල 18/3, ශයනි දිනක්‍ෂී 18/2, දර්ෂණී ධර්මසිරි 13/2)

ගුවන් හමුදා කණ්ඩායම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(යශෝධා මෙන්ඩිස් 23, චමරි පොල්ගම්පොල 23, සුගන්දිකා කුමාරී 21/3, නිලූකා කරුණාරත්න 16/2, මදුශිකා මෙත්තානන්ද 21/2)


අදහස් (0)

යුදහමුදා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.