පුත්තලම සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්’හි කතෝලික පාසල් දෙකක් වන කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව සාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (1 - 2) කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
‘මුහුදු ළිහිණින්ගේ සටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගය මෙවර පැවත්වෙන්නේ 5 වැනි වරටය.
මේ දක්වා පැවැති තරග හතරෙන් තරග තුනක් සාන්ත සෙබස්තියන් විදුහල ජය ගෙන ඇති අතර ශාන්ත පීතර විදුහල තරග දෙකක් ජය ලබා සිටියි.
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රුසිත් ගයාන් අධිකාරී කටයුතු කරයි. සුදාර ප‍්‍රියමන්ත උපනායකයා වේ.
මෙවර වයස 19 න් පහළ පාසල් තරග වාරයේදී ,, වැනි කොටසින් තරග කළ ශාන්ත සෙබස්තියන් විදුහල තරග 14 කට සහභාගිවී තරග තුනක පුර්ණ ජයග‍්‍රහණ ලබා තරග හතකින්ම පළමු ඉනිමේ ජය වාර්තා කර තිබේ.
තුන් ඉරියව් ක‍්‍රීඩක රොෂේන් ක‍්‍රිෂාන්ත මාතර රාහුල විදුහලට එරෙහිව ලබාගත් ලකුණු 164 ත් සමගින් මෙවර තරගවාරයේදී ලකුණු 630 ක් ලබා සිටියි. සචින් තාරුක, ලකුණු 520 ක් සහ කඩුලූ 56 ක් ලබා ගෙන සිටින තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. නායක රුසිත් ගයාන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 485 කි.
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක අසිත මධුෂංක ප‍්‍රනාන්දු, යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි.
මීගමුව සාන්ත පීතර විදුහල මෙවර 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ,,, වැනි කොටසේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි. වයස 19 න් පහළ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නිශාන් පීරිස්, සාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නායකයාය. චාමර ඩිල්ෂාන් උප නායකයා ලෙස පත්ව සිටියි.
රුමේෂ් ලක්ෂාන් (ලකුණු 560) සහ ඩිනාල් ප‍්‍රමිල් (කඩුලූ 84) සාන්ත පීතර විදුහල් කණ්ඩායමේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයෝ වෙති.
දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 8 වැනිදා කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මීගමුව සාන්ත පීතර විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ - ජේ.එල්. ප‍්‍රනාන්දු මහතා (සහය ක‍්‍රිකට් භාර ආචාර්ය), ජී.එස්.නිශාන්ත මහතා (පුහුණුකරු), මේරි නුවන්ති කන්‍යා සොහොයුරිය (ප‍්‍රාථමික අංශ භාර ආචාරිණී), නිශාන් පීරිස් (නායකයා), ඞී.ඩබ්ලිව්.ප‍්‍රනාන්දු මහතා (විදුහල්පති), චාමර ඩිල්ෂාන් (උප නායක), ජී.එම්. ප‍්‍රනාන්දු මහත්මිය (නියෝජ්‍ය විදුහල්ති), ලක්ෂ්මන් සමරනායක මහතා (ක‍්‍රිකට් භාර ආචාර්ය), එල්.ඞී.නිලන්ත මහා (පුහුණුකරු)
දෙවන පෙළ - බුද්ධික මධුසංක, ජනුත් ටශාන්, උමේෂ් ලක්ෂාන්, තරිදු ශ‍්‍රීනාත්, කි‍්‍රෂාන් ලහිරු, ඩිනාල් ප‍්‍රමිල්, නිර්මල් රොමිල්ටන්
තෙවැනි පෙළ - සංජුල කි‍්‍රෂාන්, සතිදු මධුසංක, නිපුන් සුසංග, සජීත් පුමුදිත්, ඇන්ටිපස් තමෙල්, හිරුෂ ශමොද්, ඉසුරු උත්පල
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම
පළමු පෙළ - රොෂේන් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු, එස්.එම්.ඞී.ටී. සිංහබාහු (ක‍්‍රීඩා භාර ආචාර්ය), ප‍්‍රසන්න මදුරංග (නිලධාරී), ඩබ්.පී.සී. වික‍්‍රමසේකර (උප නියෝජ්‍ය විදුහල්පති), සුදාර ප‍්‍රියමන්ත (උප නායක), පී.එම්.කේ. වික‍්‍රමසිංහ (විදුහල්පති), රුසිත් ගයාන් අධිකාරි(නායක), බී.එස්. විජේරත්න (නියෝජ්‍ය විදුහල්පති), එස්.පී. කොස්තා (පුහුණුකරු), එස්.පී.එල් ද සිල්වා (සහය පුහුණුකරු), අසිත මධුසංඛ ප‍්‍රනාන්දු
දෙවන පෙළ - ඩිල්ෂාන් ප‍්‍රමෝද්, ශාමික රුක්ෂාන් ධර්මසේන, ප‍්‍රගීත් අප්පුහාමි, සචින් තාරුක තමෙල්, සමිත් ඩිල්ෂාන් වනිගසේකර, ශෙහාන් ප‍්‍රනාන්දු, අශේන් චාරුක, චානුක මධුරංග රාජපක්‍ෂ, දමිත් කෝසල ප‍්‍රනාන්දු, කවිෂ්ක නවෝද්, ශෙෂාන් උදාර ප‍්‍රනාන්දු, නිමේෂ් ධනංජය අප්පුහාමි (කඩුලූ රකින්නා), රිෂාන් කාවින්ද තමෙල්, රන්දීප ප‍්‍රනාන්දු
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.