Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට පනී

මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට පනී

editorial - 2020 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව  පැවැති තරගය ලකුණු 34 කින් ජයගනිමින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැන ගැනීමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ සමත්ව සිටිති.  

ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 174 ක් පමණි. ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිතර වූ ක්වින්ටින් ඩි’කොක් පන්දු 39 කදී හයේ  පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය.  සූර්යකුමාර් යාදව් (27) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඩි’කොක් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඉරිදා පැවැති අනෙක් තරගයේදී  කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ෂේන් වොට්සන් ‍(නොදැවී 83) සහ ෆ‍ෆ් ඩුප්ලෙසි (නොදැවී 87) එක්ව චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 53 කට මුහුණදුන් වොට්සන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින්ද, පන්දු 53 කට මුහුණදුන් ඩුප්ලෙසී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින්ද ලකුණු රැස්කළහ.


හයිද්‍රාබාද් පිලට එරෙහිව මුම්බායි පිලට ලකුණු 34 ක ජයක්

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 208
(ක්වින්ටින් ඩි’ කොක් 67, සූර්යකුමාර් යාදව් 27, ඉෂාන් කිෂන් 31, හර්දීක් පාණ්ඩ්‍යා 28, කරන් පොලාඩ් නොදැවී 25, කෘනාල් පාණ්ඩ්‍යා නොදැවී 20, සන්දීප් ශර්මා 41/2, සිද්ධාර්ත් කෞල් 64/2)
 
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 174
(ඩේවිඩ් වෝනර් 60, ජොනී බෙයාස්ටෝ 25, මනීෂ් පාණ්ඩේ 30, අබ්දුල් සමාද් 20, ට්‍රෙන්ට් බොල්ට් 28/2, ජේම්ස් පැටින්සන් 29/2, ජස්ප්‍රීට් බුම්රා 41/2)

 

පන්ජාබ් පිලට එරෙහිව චෙන්නායි පිලට කඩුලු 10 ක ජයක්

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 178
(ලෝකේෂ් රාහුල් 63, මායන්ක් අගර්වාල් 26, මන්දීප් සිං 27, නිකලස් පූරන් 33, සර්ෆරාස් ඛාන් නොදැවී 14, ශර්දුල් ඨාකූර් 39/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කිසිවකු නොදැවී 181
(ෂේන් වොට්සන් නොදැවී 83, ෆෆ් ඩුප්ලෙසි නොදැවී 87)  


-036


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.