තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති 58 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ඊයේ (25 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස මැදි විදුහල කඩුලූ 7 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර එහිදී ලකුණු 71 ක් රැස්කිරීමට යොහාන් රවිෂ්ක සමත් විය. හිරුණ චතුමිණ කළුතර විද්‍යාලය වෙනුවෙන් ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තිස්ස මැදි විදුහලේ පළමු ඉනිම ලකුණු 137 කට සීමා කිරීමට කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් ලක්ෂිත ලකුණු 12 කට කඩුලූ 3 ක් දවාගත් අතර අවිෂ්ක ලක්ෂාන්, ඉසංක සිරිවර්ධන සහ හිරුණ චතුමිණ කඩුලූ 2 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කළුතර විද්‍යාලය වෙනුවෙන් ශතකයක් (132) ලබාගැනීමට උප නායක හිරුණ චතුමිණ සමත් වූ අතර පන්දු 168 කදී ලබාගත් ඔහුගේ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
තිස්ස මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිතර වූ ලසන් හර්ෂණ ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ තිස්ස මැදි විදුහල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විද්‍යාලයට ආරාධනා කර සිටියේය.
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 80.3 කදී කඩුලූ 8 ක් දැවී 322
(හිරුණ චතුමිණ 132, යසිත උමයංග 41, දුනිත් නිම්හාන 34, නදීර දිල්ෂාන් 27, ලසන් හර්ෂණ 57/5)
තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලූ දෙනා දැවී 137
(ගඟුලැල් රවීන් 37, සහන් යසිඳු 26, චරිත් දුෂාන්ත 17, දිල්ෂාන් ලක්ෂිත 12/3, අවිෂ්ක ලක්ෂාන් 22/2, ඉසංක සිරිවර්ධන 36/2, හිරුණ චතුමිණ 47/2)
තිස්ස මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලූ 7 ක් දැවී 134
(යොහාන් රවිෂ්ක 71, හිරුණ චතුමිණ 40/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.