Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස් සිලුඒටා - ටීජේ ලංකා අ.අ.පූර්ව වටයට

මාස් සිලුඒටා - ටීජේ ලංකා අ.අ.පූර්ව වටයට

Nisanka Sandeepani - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාස් සිලුඒටා සහ ටීජේ ලංකා යන කණ්ඩායම් ඊයේ (120 වැනිදා) සමත්විය.

ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව ඉහළින් සිටි කණ්ඩායම් 6 අර්ධ අවසන් පූර්ව වටය සඳහා කෙලින්ම සුදුසුකම් ලබාගත්තේය. ප්‍රසාද ලකුණු සටහන අනුව අවසන් ස්ථාන 4 ට පත්වූ කණ්ඩායම් අතර පැවැති තරග වලින් ජයගත් කණ්ඩායම දෙක අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 102 ක ජයක් හිමිකර ගැනීමට මාස් සිලුඒටා පිල සමත්වූ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සම්පත් බැංකු පිල කඩුලු 8 කින් පරාජය කිරීමට ටීජේ ලංකා පිල සමත්විය. 

ටීජේ ලංකා පිලේ සිතාර ගිම්හාන ශතකයක් (නොදැවී 102) ද, මාස් සිලුඒටා පිලේ ඇන්ජලෝ එම්මානුවෙල් (නොදැවී 73) සහ සම්පත් බැංකු පිලේ තරිඳු කෞෂාල් (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මාස් සිලුඒටා පිලට ලකුණු 102 ක ජයක්

මාස් සිලුඒටා - ඕවර 43 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 227
(දුශාන් හේමන්ත 37, චරන නානායක්කාර 34, ඇන්ජලෝ එම්මානුවෙල් නොදැවී 73, ඉරෝෂ් සමරසූරිය 20, දිලේෂ් ගුණරත්න 59/2, අලංකාර අසංක 21/2, දමිත් සිල්වා 40/2)

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(සාරංග රාජගුරු 32, පැතුම් නිස්සංක නොදැවී 29, ඇන්ජලෝ එම්මානුවෙල් 07/2)

ටීජේ ලංකා පිලට කඩුලු 8 ක ජයක්

සම්පත් බැංකුව - ඕවර 44 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 177
(තරිඳු කෞෂාල් 51, රොමේෂ් බුද්දික 40, ප්‍රමෝෂ් පෙරේරා 30, චරිත බුද්ධික නොදැවී 27, සාලිය සමන් 32/2, ඉමේෂ් රාමනායක 26/2, සචිත්‍ර සේනානායක 29/2)

ටීජේ ලංකා - ඕවර 27 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 179
(සිතාර ගිම්හාන නොදැවී 102, පසිඳු ඉසිර 30, සචිත්‍ර සේරසිංහ නොදැවී 31, සචිත්‍ර පෙරේරා 57/2)


අදහස් (0)

මාස් සිලුඒටා - ටීජේ ලංකා අ.අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.