Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගලාගේ පිල පරදී

මාලිංගලාගේ පිල පරදී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝලීය විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය ලෙස ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායම සහ විනිපෙග් හෝක්ස් කණ්ඩායම අතර කැනඩාවේ මැපල් ලීෆ් ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් ලකුණු 34 ක ජයක් ලැබීමට විනිපෙග් හෝක්ස් කණ්ඩායම සමත් විය.  

ලකුණු 204 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 157 පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනිපෙග් හෝක්ස් කණ්ඩායමේ නායක ඞ්වේන් බ්‍රාවෝ සහ ජුනයිඞ් සිද්දික් කඩුලු 3 බැගින් දවා ගත්හ.

තරගයේ පළමු ඕවර 10 අවසානයේ  සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණද, ලකුණු 102 රැස් කර සිටියදී කඩුලු ත්‍රිත්වයක්ම එකලඟ දැවීයාම නිසා මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් වී ගියේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩාමේ සිකන්දර් රාසා පන්දු 13 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 30 රැස් කිරීමට සමත් විය. රයන් පතාන් (ලකුණු 20)  සහ ඈෂ්ලි නර්ස් (ලකුණු 26) එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කළද, විනිපෙග් හෝක්ස් පන්දු යවන්නන්ගෙන් එයට බුරුලක් හිමි නොවීය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් විනිපෙග් හෝක්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 203 රැස් කළේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩැරන් බ්‍රාවෝ පන්දු 29 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 54 ක් රැස් කළ අතර ඔහුට මනා සහයක් ලබාදුන් බෙන් මැක්ඩෙම්ර්ට් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 68 ක් රැස් කළේය.

මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඕවර 4 අවසානයේ ලකුණු 19 කට කඩුලු 2ක් දවා ගත්තද සෙසු පන්දු යවන්නන් සුපුරුදු රිද්මයට නොපැමිණීම නිසා මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගයම පරාජයට පත් විමට සිදුවිය.


විනිපෙග් හෝක්ස් කණ්ඩායම  -  ඕවර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 203
(ලෙන්ඞ්ල් සිමන්ස් 36, බෙන් මැක්ඩෙමර්ට් 68, ඩැරන් බ්‍රාවෝ 54, ඬේවිඞ් මිලර් 35, ලසිත් මාලිංග 19/2 )

මොන්ට්‍රිල් ටයිගර්ස් කණ්ඩායම  - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 157
(සුනිල් නරේන් 20, මෝසස් හෙන්රික්ස් 23, ජෝජ් වෝකර් 26, සිකන්දර් රාසා 30, රයන් පතාන් 20, ඈෂ්ලි නර්ස් 26, ඞ්වේන් බ්‍රාවෝ 24/3, ජුනයිඞ් සිද්දික් 35/3, අලී ඛාන් 18/2 )


- 024

 


අදහස් (0)

මාලිංගලාගේ පිල පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.