Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාම විදුහලට කඩුලූ 8 ක ජයක්

මහානාම විදුහලට කඩුලූ 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත්විය.
 
ලකුණු 134 ක ජයග‍්‍රාහී ඉලක්කය ඕවර 29.1 ක් ඉතිරිව තිබියදී කඩුලූ 2 ක් පමණක් දැවී පසුකර යෑමට මහානාම විදුහලේ පිතිකරුවෝ සමත්වූහ. එහිදී නොදැවී ලකුණු 53 ක් රැස්කළ මලිඳු මධුරංග තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජනාධිපති විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 133 ක් පමණි.


ජනාධිපති විදුහල -  ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 133
(ඕෂාන් සිල්වා 23, මල්ෂාන් ජයවර්ධන 20, ශානිත් කාවින්ද 17/3, විමුක්ති පණ්ඩිතරත්න 4/2, නිදුක වැලිකල 26/2)
 
මහානාම විදුහල -  ඕවර 20.5 කඩුලූ 2 ක් දැවී 134
(මලිඳු මධුරංග නොදැවී 53, සහන් පීරිස් 26, කාවින්ද මුණසිංහ 25)

 

- 036


අදහස් (0)

මහානාම විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.