Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාම විදුහලට කඩුලු 4ක ජයක්

මහානාම විදුහලට කඩුලු 4ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක් ලැබීමට මොනරාගල මහනාම විද්‍යාලය ඊයේ (16 වැනිදා) සමත් විය. මෙම තරගය පැල්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලකුණු 193 ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි මහනාම විද්‍යාලය ඕවර 33.2කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම සපුරා ගත්තේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ කවිඳු ලක්ෂාන් නොදැවී ලකුණු 107 ක් රැස් කරමින් මහනාම විද්‍යාලයේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලයට ඕවර 42 කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි.


ශාන්ත තෝමස් විද්‍යාලය -  ඕවර 33.2කදී සියලු දෙනා දැවී ලකුණු 192
(තෙවින් අමරසිංහ 74, කිරුලු විදුමින 38, උමේෂ් පෙරේරා 21, කවිඳු ලක්ෂාන් 28/3, සඳරු නිර්මාල් 37/3)

මහනාම විද්‍යාලය  - ඕවර 33.2 කදී කඩුලු 6කට ලකුණු 193
(කවිඳු ලක්ෂාන් නොදැවී 107, සඳරු නිර්මාල් නොදැවී 27, ගයාන් අල්විස් 46/3)

 


අදහස් (0)

මහානාම විදුහලට කඩුලු 4ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.