‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත්විය.
ලකුණු 132 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය මහානාම විදුහල ඕවර 21.2 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර එහිදී ලකුණු 53 ක් රැුස්කළ කවිඳු මුණසිංහ තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් වෙස්ලි විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 131 පමණි. ලකුණු 35 කට කඩුලූ 5 ක් දවාගත් මහානාම විදුහලේ ශනිත් කාවින්ද වෙස්ලි විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.
වෙස්ලි විදුහල - ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 131
(චමෝද් ඇතුලත්මුදලි 62, චරිත් ද සිල්වා නොදැවී 17, ශනිත් කාවින්ද 35/5, දිනුක කරුණානන්ද 52/2)
මහානාම විදුහල - ඕවර 21.2 කදී කඩුලූ 3 කට 133
(කවිඳු මුණසිංහ 53, සහන් පීරිස් 43, නිදුක වැලිකල නොදැවී 25, මතීෂ පෙරේරා 19/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.