(කුරුණෑගල ජනුර් කිචිලාන්)
කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ශාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වෙන 42 වන වාර්ෂික ”ඇතුගල්පුර මහා සටන” මේ මස 20, 21 සහ 22 දිනයන් හි කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
1959 වසරේ පටන් දෙදින තරගයක් වශයෙන් ක‍්‍රියාත්මක වූ මෙම තරගය මෙවර ප‍්‍රථම වරට තෙදින තරගයක් වශයෙන් පැවැත්වීම විශේෂත්වයකි. මෙවර ද මෙම තරගය සදහා අනුග‍්‍රහය දක්වන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. 29 වන වරටත් පැවැත්වෙන එක් දින සීමිත ඕවර තරගය මාර්තු 29 වනදා පැවැත්වෙන අතර ඒ සදහා අනුග‍්‍රහය දක්වන්නේ දම්රෝ ආයතනයයි.
කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිළ තුන් ඉරියව් ක‍්‍රීඩක දිමත් අබේසිංහ විසින් මෙහෙයවනු ලබයි. ශාන්ත ආනා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දක්ෂ දග පන්දු යවන්නෙකු වන යස්මිත් ජයසුන්දර යි.
මලියදේව පිළේ නායක දිමත් අබේසිංහ මෙම තරග වාරයේදී ශතකයක් හා අර්ධ ශතක 4 ක් සමග ලකුණු 405 ක් ලබා ඇති අතර පන්දු යවන්නෙකු ලෙස කඩුලූ 36 ක් ලබා ඇත. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මැසනද් විදුහලට එරෙහිව ලකුණු 126 කි. ඔහු වයස අවුරුදු 19 න් පහල ශ‍්‍රී ලංකා සංචිතයේ සිටි ක‍්‍රීඩකයෙකි.
ශාන්ත ආනා පිලේ නායක යස්මිත් ජයසුන්දර මෙම තරග වාරයේ පිතිකරුවෙකු වශයෙන් ලකුණු 554 ක් ලබමින් ද, පන්දු යවන්නෙකු වශයෙන් කඩුලූ 65 ක් ලබමින් ද තුන් ඉරියව්වෙන්ම උසස් දක්ෂතා දක්වා ඇත.

කුරුණෑගල මලියදේව විද්‍යාල කණ්ඩායම
ඉදිරි පෙළ
දමිත් ගුණතිලක ( ප‍්‍රධාන පුහුණු කරු), සුරංග කරුණාතිලක ( ක‍්‍රිකට් සම්බන්ධීකාරක), හේමන්ත අබේකෝන් (නියෝජ්‍ය විදුහල්පති), දිමත් අබේසිංහ ( නායකයා), ඩබ් එම.සි.කේ මහමිතව (විදුහපල්පති), තවීෂ බාලසුරිය (උපනායක), අකලංක ගමගේ, ලක්මාල් අබේසිංහ, සහ අරුණසිරි බණ්ඩාර (සහය පුහුණුකරු)
දෙවනි පෙල
ත්‍රෛ නිර්මල, දුෂාන් සයුරංග, දිනෙත් අමරසිංහ , සොනාල් අශ්වින්, තිවංක ප‍්‍රභාසර, සදෙව් හේවාවිතාරණ, ලක්දුල රත්නායක , චන්දූප අබේසිංහ, චෙනුල අනුජය සහ පැහැසර බණ්ඩාර,
පසුපෙළ
දේව් නෙතුසර, තෂේන් සරත්චන්ද්‍ර, අංජන කලිකොටුව, නිෂුදු චන්ද්‍රසිරි, ගගන පතිරාජ, රංජිත් නවෝද්‍ය, දම්ලත් ගමගේ සහ අකේන් අමරජීව

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාල කණ්ඩායම
ඉදිරි පෙළ
මංජුල විජේරත්න, දිනුෂ ජයශංක ( ප‍්‍රධාන පුහුණුකරු), සනුජ දිසානායක, නිහාල් සී. දිසනායක, කුෂාන් සුභසිංහ ( උපනායක), ගරු චන්දන හපුආරච්චි පියතුමා (විදුහල්පති), යස්මිත් ජයසුන්දර, (නායකයා), ගරු රොෂාන් ඩයස් සහෝදරතුමා, යසිරු ජයරත්න (සහය පුහුණුකරු), කාවින්ද කොටුවෙගෙදර සහ දිනුග අබේසේකර
පසු පෙළ
සෙහස් තිලකරත්න, බිනරු දෙනුවන්, ඉමාෂ සමරවික‍්‍රම, යුලාන් ජයකොඩි, සකුණ කෙම්සර, ඉෂාන් ඛාන්, පමුදිත ලියනගේ. දේෂාන් උඩුමුල්ල , දිල්හාන් මුනසිංහ, රෝමල් මුණසිංහ, නවිඳු රත්නායක, නිතුල් චන්ද්‍රසේන, නෙෂාඞ් වීරසේකර, ගිම්හාන් මයිකල් සහ ඉමන්ජිත් හේ්රත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.