Last Update  :  2025-06-02 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ක්‍රීඩකයෝ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට
අයි.පී.එල්. - 2025

මුම්බායි ක්‍රීඩකයෝ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර චන්දිගර් නුවරදී අද (30 වැනිදා) පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. 

ඒ අනුව මුම්බායි කණ්ඩායමට තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් හිමිවන අතර ඒ සඳහා ඔවුන් පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී පරාජයට පත්වූ පන්ජාබ් කින්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ජයගත යුතුය. එම තරගය හෙට (1 වැනිදා) අහමදාබාද්හිදී පැවැත්වේ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්යක් හඹාගිය ගිය ගුජරාට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු සායි සුදර්ෂන් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 80 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ වොෂින්ටන් සුන්දර් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක්ද, ශර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 15 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 10 කින් ලකුණු 20 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 81 ක් රැස්කළේය. 

ජොනී බෙයාස්ටෝ (47) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 84 ක සම්න්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී නායක සූර්යකුමාර් යාදව් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් මුම්බායි ඉනිම ගොඩනැගුවේය. 

පන්දු 22 කට මුහුණදුන් බෙයාස්ටෝ හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 20 කදී වාර්තා වූ යාදව්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය. තිලක් වර්මා පන්දු 11 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 9 කදී හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 220 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

රෝහිත් ශර්මා ලකුණු 12 ක් ලබා සිටියදී මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේත්, සූර්යකුමාර් යාදව් ලකුණු 25 ක් ලබා සිටියදී ජෙරල්ඩ් කොයෙට්සිගේ පන්දුවක් හමුවේත් ලබා දුන් උඩ පන්දු කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතින් ගිළිහී යෑම නිසා ඔවුන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. 


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 228 
(රෝහිත් ශර්මා 81, ජොනී බෙයාස්ටෝ 47, සූර්යකුමාර් යාදව් 33, තිලක් වර්මා 25, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 22, සායි කිෂෝර් 42/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 53/2) 

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී 6 දැවී 208  
(සායි සුදර්ෂන් 81, කුසල් මෙන්ඩිස් 20, වොෂින්ටන් සුන්දර් 47, ශර්ෆේන් රදර්ෆර්ඩ් 24, රාහුල් තේවතියා නොදැවී 16, ටේ‍රන්ට් බෝල්ට් 56/2) 

 

-036 


අදහස් (0)

මුම්බායි ක්‍රීඩකයෝ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.