Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බාබර් අසාම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

බාබර් අසාම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් හී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ, දෙවන දිනය සඳහා පන්දුවට පහර දෙමින් සිටි පකිස්තානු පිතිකරු බාබර් අසාම්ගේ වම් අතෙහි අස්ථි බිදී යාමක් නිසා එංගලන්ත සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

මොහොමඞ් අබ්බාස් සහ හසන් අලීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත පළමු ඉණිම ලකුණු 184 කට සීමා වූ අතර දෙවන දිනය අවසානයේ පකිස්තානය කඩුලු 8 කට ලකුණු 350 රැස් කරගෙන සිටියේය. බාබර් අසාම් පන්දු 120 කදී හතරේ පහර 10 ක් සමග ලකුනු 68 ක් ලබා සිටියදී ස්ටුවර්ඞ් බ්‍රෝඞ් යැවූ බවුන්සර් පන්දුවට මුවා වීමට ගොස් පන්දුව අතේ වද්දා ගැනීමෙන් ආබාධයට ලක් විය.

අනතුරෙන් පසුව කරන ලද ස්කෑන් පරීක්ෂණයට අනුව නැවතත් බාබර් අසාම්ට ක්‍රීඩා කිරිමට නම් අවම වශයෙන් සති 6 ක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇතයි වෛද්‍යවරු පවසති.

තවමත් ටෙස්ට් තරග 13 ක් පමණක් ක්‍රීඩා කර ඇති බාබර් අසාම් රැස් කර ගෙන ඇත්තේ ලකුණු 616 පමණක් වන අතර ඔහුගේ ස්ථානය සඳහා වෙනත් පිතිකරුවෙකු ආදේශ කිරිමට කිසිදු අදහසක් නැතැයි පකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.  

 
- 024

 


අදහස් (0)

බාබර් අසාම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.