බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 6 වැනි සතිය නිමාවන විට ඡන්ද 6604 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ සමත්ව ඇත.
ඉකුත් සතිය නිමාවන තෙක් මෙම කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටි කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සහ දෙවැනි ස්ථානයේ පසුවූ පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් පසුපසට ඇද දමමින් එහි තෙවැනි ස්ථානයේ සිටි ළහිරු, ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. මේ සතිය තුළදී පමණක් ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2850 කි.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සහ පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් පිළිවෙළින් ඡන්ද 5458 ක් සහ 5227 ක් බැගින් ඡන්ද 5000 කට වැඩියෙන් ලබාගෙන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.
මෑතකදී අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණි ලේටන් පාර්ක් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 1023 සමග මුළු ඡන්ද 3550 කට හිමිකම් කීමට සමත්ව ඇත. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රොමේෂ් මධුෂාන්ට මේ සතිය තුළදී ලබාගනීමට හැකිවී තිබෙන්නේ ඡන්ද 822 ක් පමණි. ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 3140 කි.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 91 ක් ලබාගෙන තම ඡන්ද සංඛ්‍යාව 876 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇත. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 816 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්තිට හිමිව ඇති අතර මේ සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 497 කි.
තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පලවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පලවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පලකිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ඇත.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ළහිරු වික‍්‍රමසිංහ | කඳාන ද මැසිනොද් විදුහල | 6604 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 5458 |
| අකිල ලක්ෂාන් | පානදුර රාජකීය විදුහල | 5227 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 3018 |
| ඒ. කේ. ටිරෝන් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 2490 |
| පි‍්‍රයමාල් පෙරේරා | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2462 |
| නිමේෂ් ගුණසිංහ | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 2357 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස්කුමර විදුහල | 2029 |
| සදීර සමරවික‍්‍රම | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1760 |
| යශාන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1317 |
| තිමිල විද්‍යාසේකර | කොළඹ ඞී. එස්. සේනානායක විදුහල | 1199 |
| මින්හාජ් ජලීල් | කොළඹ තර්ස්ටන් විදුහල | 784 |
| ශෙහාන් වීරසිංහ | කොළඹ සහිරා විදුහල | 750 |
| සල්මන් ෆසීල් | කොළඹ සහිරා විදුහල | 657 |
| දිනෙත් ලංකා | මහනුවර ධර්මරාජ විදුහල | 542 |
| දිලංක සඳසේකර | කොළඹ ආනන්ද විදුහල | 474 |
| තිලක්ෂ සුමනසිරි | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල | 423 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 344 |
| මධුෂාන් චමීර | කොළඹ ඉසිපතන විදුහල | 262 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ධනුෂ්ක ළහිරු | ගාල්ල විද්‍යාලෝක විදුහල | 876 |
| ළහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 816 |
| කලණ හසරංග | මාතර රාහුල විදුහල | 478 |
| හර්ෂ රාජපක්ෂ | මාතර රාහුල විදුහල | 394 |
| ලසිත ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල | 311 |
| සචින් ජයකොඩි | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 134 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රසාංජන මල්ලිකාරච්චි | නුගේගොඩ ලයිසියම් විදුහල | 3550 |
| රොමේෂ් මධුෂාන් | ලේටන් පාර්ක් විදුහල | 3140 |
| ෆර්සත් ෆාසල් | කොළඹ ගේට්වේ විදුහල | 319 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. නිරෝෂන් සුගුමාම් - 103/15, පරමානන්ද මාවත, කොටහේන
2. ආර්.පී.එන්. කුමාරි - 113, සත්සර උයන, බලපිටිය, හොරණ
3. උපාලි තිබ්බොටුව - 225, ඉහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ
4. රුවිනි මේඛලා - 383/A/1, නන්දන උයන, හුණුපිටිය, වත්තල
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.