(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‘බී’ පිල සමත්විය.
කුරුණෑගල බෝයගනේ විජයබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූවද බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‘බී’ පිල කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජයක් ලැබීය.
මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පළමු වටයේ දී කණ්ඩායම් 85 ක් කාණ්ඩ 14ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණු අතර, ඒ ඒ කාණ්ඩයන්හි දස්කම් දක්වනු ලැබූ කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. දෙවැනි වටයේ සිට සියළු තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ.
කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය - පළමු ඉනිම -කඩුලු 8 ට 122 යි
(කුසල් ඉරුගල්බණ්ඩාර 45, මෙතික හංසජ 37, නෙමිත රෙයොන් 27/3, රෙෂෝන් මතියස් 19/2, සියොන් විලේගොඩ 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.