ඉන්දියාවේ නගරයක් වන දෙහ්රාදුන් හිදී පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තාන - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියට අදාල බංග්ලාදේශ සංචිතය අද (20) ප්‍රකාශයට පත්කර ඇත.
කලක් ආබාධයට ලක්ව සිට නිදහස් කුසලානයේ අවසන් තරගයට පමණක් ක්‍රීඩා කල සකීබ් අල් හසන් මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන අතර මහමුදුල්ලාට කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබේ.
නවතම අන්තර්ජාතික විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ඝනිස්තානය 8 වන ස්ථානයේත්, බංග්ලාදේශය 10 වන ස්ථානයේත් රැදී සිටී. නිදහස් කුසලාන තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණි බංග්ලාදේශය අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත් විය.
මෙවර විස්සයි 20 තරගාවලිය සඳහා ඇෆ්ඝනිස්තානය සත්කාරකත්වය දරන අතර පළමු විස්සයි 20 තරගය ජුනි 3 වැනිදාත් දෙවන හා තෙවන තරග පිළිවෙලින් ජුනි 5 සහ ජුනි 7 යන දිනයන් හිදී පැවැත්වේ.
බංග්ලාදේශ සංචිතය
සකිබ් අල් හසන් (නායක), ටමිම් ඉක්බාල්, ලිටන් දාස්, සෞම්‍ය සකාර්, මුෂ්ෆිකර් රහිම්, මහමුදුල්ලා රියාද්, සබීර් රහමන්, මොසන්ඩික් හොසේන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හොසෙන්, මෙහිදි හසන්,නස්මුල් ඉස්ලාම්, අබු හිදෙර්, අබු ජායෙද්
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.