Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ නැඟීඑන පිල කඩුලු 3 කට 57

බංග්ලාදේශ නැඟීඑන පිල කඩුලු 3 කට 57

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම අතර ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිලනොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ අද (4 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම ලකුණු 57 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටියේය.

නජ්මුල් හුසේන් ලකුණු 26 ක් සහ අෆීෆ් හුසේන් ලකුණු 16 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 36 ක සම්බන්ධතාවයක් මේ වනවිට ගොඩනගා ඇත.

බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 6 කදී දවාගැනීමට මොහොමඞ් ශිරාස් සමත්වූ අතර ජෙහාන් ඩැනියෙල් යවන ලද තරගයේ 12 වැනි ඕවරයේදී අමිනුල් ඉස්ලාම් සහ යසීර් අලී පිටියෙන් ඉවත් ඉවත්වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 21 ක් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය (3 වැනිදා) අතහැර දැමීමට සිදුවීම නිසා කාසියේ වාසිය උරගා බැලීම අද සිදුවූ අතර කාසියේ වාසිය දිනු බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

හෙට (5 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.


බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 57
(නජ්මුල් හුසේන් නොදැවී 26, ජෙහාන් ඩැනියෙල් 10/2)

...


අදහස් (0)

බංග්ලාදේශ නැඟීඑන පිල කඩුලු 3 කට 57

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.