Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රීමා කුසලාන බස්නාහිර පළාතට

ප‍්‍රීමා කුසලාන බස්නාහිර පළාතට

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පළාත් වයස 15න් පහළ ‘ප‍්‍රීමා කුසලන’ තරගාවලියේ අවසාන තරගයේදී දකුණු පළාත පරදවා කඩුලූ 2 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දකුණු පළාත් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් නමුත් පන්දුවාර 49 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 203 ක් පමණි. ලකුණු 200 කඩඉම පසුකිරීමට කමිදු මෙන්ඩිස් ලකුණු 86 ක් සහ චතුර මිලාන් ලකුණු 42 ක් ලබාගනිමින් දායක වූහ. නිදුක වැලිකල ලකුණු 42 කට කඩුලූ 4 ක් ලබා ගනිමින් දකුණු පළාත් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තමන්ට ළගා විය හැකි මට්ටමේ තබාගැනීමට සමත්විය.

ලකුණු 204 ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර කණ්ඩායම  ඕවර 42.1 කදී කඩුලූ 8 ක් දැවී තම ඉලක්කය සපුරා ගත්තේය.


දකුණු පළාත  ඕවර 49 කදී සියලූ දෙනා දැවී 203
(කමිදු මෙන්ඩිස් 86, චතුර මිලාන් 42, නවිදු නිර්මාල් 19, නිදුක වැලිකල 42/4, ජෙහාන් ඩැනියල් 19/2)

බස්නාහිර පළාත් උතුර  ඕවර 42.1 කදී කඩුලූ 8 ක් දැවී 209
(එරංග ජයසිංහ නොදැවී 35, ජෙහාන් ඩැනියල් 31, කවිදු මුණසිංහ 26, නිපුන් ද සිල්වා 22, දෙනුක පෙරේරා 19, දසුන් සෙනෙවිරත්න 18, රවීන් යසස් 37/3, කසුන් මදුරංග 19/2)

 


අදහස් (1)

ප‍්‍රීමා කුසලාන බස්නාහිර පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.