Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමත්විය.
පසුගියදා කුරුණෑගල මලියදේව විද්‍යාල පිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ‘බී‘ පිලට එරෙහිව ලකුණු 116 ක ජයක් ලැබීමට පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමත්විය.
පොළොන්නරුව රාජකීය විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ට 253 යි
(සේසිත දින්සර 53, සන්දිත් දිසානායක 40, තේජාන් බණ්ඩාර 23, දෙනිත් සඳුල් 20, මහීෂ ඉඳුරංග නොදැවී 20, සේසඳ චමත්සර 19, සස්මිත චමෝද් නොදැවී 14, ඇන්ජෙලෝ පෙරුමාල් 62/3, ධිරේන් ඉලම්පෙරුම 31/2)
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ‘බී’ කණඩායම - ඕවර 37.2 කදී 137 යි
(සහේල අලවතුගොඩ 33, දේවාන් ගුණරත්න 18, සැමුවෙල් බර්තොලමියුස් 17, අකේන් උබයසිරි 14, මහීෂ ඉඳුරංග 36/3, සන්දිත් දිසානායක 27/2, සස්මිත චමෝද් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.