Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතයෙන් පසුව 2021 වසර ආරම්භ වන්නේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ වෙනුවෙන් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර තියුණු තරගයක් ඇතිකරමිනි.
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජය ගනිමින් ශ්‍රේණිගත කිරිම්හී පෙරමුණ ගැනීමට නවසීලන්තය බලාපොරොත්තුවෙන් සිටියද, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තරගාවලියේ ප්‍රතිඵල අනුව ශ්‍රේණිගත කිරිම්හී පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය වනු ඇත.
කණ්ඩායම් සඳහා ශ්‍රේණිගත කිරීමේ ලකුණු ගණනය කරනු ලබන්නේ තරගාවලියෙන් තරගාවලියට වන අතර, තරගාවලියක් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන වේ. ඒ අනුව නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගාවලිය අවසානයේ නවසීලන්තය තරගාවලිය ජයග්‍රහණය කලහොත් ඔවුන් වහාම ශ්‍රේණිගත කිරීම්හී ඉහළට යන නමුත් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඔවුන්ගේ තරඟාවලිය අවසන් කරනතුරු ශ්‍රේණිගත කිරීමේ ලකුණු එම කණ්ඩායම් වලට එක්නොවනු ඇත.
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් 1-0 ක් ලෙස තරගාවලිය ජය ගන්නා නවසීලන්තය ශ්‍රේණිගත කිරීමේ ලකුණු 117 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත්වනු ඇත. කේන් විලියම්සන්ගේ කණ්ඩායමට 2-0 ක තරගාවලි ජයක් ලබා ගත හැකි නම් ඔවුන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 118 ක් හිමිකර ගනු ඇත.
කෙසේ වෙතත් නවසීලන්තය අංක 1 ස්ථානය අත්පත් කර ගත්තද එය කෙටි දිනකට සීමාවීමට අවස්ථාව ඇත. පාකිස්තානයට එරෙහි නවසීලන්තයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට ඔවුන්ගේ තරගාවලියේ ඉතිරි ටෙස්ට් තරග දෙකම ජය ගැනීමේ අවස්ථාවක් ඇත. ඒ අනුව ඔවුන්ට 3-1ක් ලෙස තරගාවලි ජයක් ලබා ගත හැකි නම්, ශ්‍රේණිගත කිරීමේ ලකුණු 119 ක් හෝ 121 ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමට හැකිවනු ඇත.
තරගාවලිය 2-1 ක් ලෙස ජය ගතහොත් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 119 ක් හිමිවන බැවින් ටිම් පේන්ගේ කණ්ඩායමට ඉදිරියට යෑමේ අවස්ථාව හිමිවනු ඇත. මෙම තත්ත්වය අනුව වසර ආරම්භයේදී පෙරමුණ ගන්නේ කවුරුන්ද යන්න බලාගැනීමට බෝඩර් - ගවස්කාර් තරගාවලිය අවසන් වන තුරු බලා සිටීමට සිදුවනු ඇත.
ශ්‍රේණිගත ලයිස්තුවේ පහළ කණ්ඩායම්වල ස්ථානද වෙනස් වීමේ හැකියාවක් පවතී. සෙන්චූරියන්හිදී ඉනිමක ජයක් ලබාගත් දකුණු අප්‍රිකාවට තරගාවලිය 1-0 ක් ලෙස අවසන් කර ගැනීමට හැකිවුවහොත් මේ වනවිට ශ්‍රී ලංකාව ශ්‍රේණීගත කිරීම්හී සිටින 5 වැනි ස්ථානය උදුරා ගැනීමේ හැකියාව ඇත. එහෙත් දැනට පවතින තත්ත්වය අනුව දකුණු අප්‍රිකාව එතැනින්ද ඉහළට යන තත්ත්වයක් තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.