Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව අද (7 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. ඉනිම ආරම්භයේදීම ඬේවිඞ් වෝනර් ලකුණු 5 කට දැවී යාම නිසා ඕස්ට්‍රේලියානුවන් තරමක පසුබෑමකට ලක්වූ නමුත් කෝඩුකාර විල් පුකොව්ස්කි සහ මානස් ලැබුෂේන් ලබාගත් අර්ධශතක හේතුවෙන් දිනය අවසානයේදී ඕස්ට්‍රේලියානුවෝ හිස් ඔසවා ගත්හ.
ලැබුෂේන් නොදැවී ලකුණු 67 ක් ලබා සිටින අතර තරගාවලියේ ඉනිම 4 කදී ලකුණු 10 ක් පමණක් ලබා සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් ආකර්ශනීය අයුරින් ලකුණු 31 ක් ලබා නොදැවී සිටී. සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට දිගින් දිගටම වර්ෂාව ඇද හැළුණු අතර තරගය ආරම්භ වීම පැය 3 කින් ප්‍රමාද කෙරිණ.
කාසියේ වාසිය දිනාගත් නායක ටිම් පේන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. සමාජ දුරස්ථකරණය අනුව, සිඞ්නි ක්‍රීඩාංගණයේ තරග නැරඹිය හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වූ 8,692 දෙනා ඉදිරියේ තරගය ආරම්භ වීමට විනාඩි 35 ක් තිබියදී වර්ෂාව ආරම්භ විය.
මොහොමඞ් සිරාජ්ගේ දෙවැනි ටෙස්ට් තරගය මෙයයි. තරගයට පෙර ජාතික ගීය වාදනය වෙද්දී කඳුළු සලමින් සිටි සිරාජ් ආබාධයකට පසුව නැවතත් කණ්ඩායමට එක්වූ වෝනර්ගේ කඩුල්ල දවාගැනීමට සමත් වූවද පුකොව්ස්කි සහ ලබුෂේන් දෙදෙනා අතර පැවැති ලකුණු 100 ක සබඳතාව ඕස්ටේ්‍රලියානු පිලට සහනයක්ම විය.
මෙම තරගමාලාවේදී ඕස්ට්‍රේලියානුවන් අතර දක්ෂතම පිතිකරුවා බවට පත්ව සිටින ලැබුෂේන් ලකුණු 11 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප් ක්‍රීඩකයන් වෙත නොයා මග ඇද වැටිණ. එය හැරෙන්නට, කෝඩුකාර නව්දීප් සයිනි හමුවේ දැවී යන තුරුම ලබුෂේන්ට තර්ජනයක් එල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ අසමත් වූහ.
පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වූ ස්ටීව් ස්මිත් පන්දු 64 කදී ලකුණු 31 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
මෙම ටෙස්ට් තරගාවලියට පෙර ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේදී පිට පිටම ද්විත්ව ශතක දෙකක් ලබාගත් පූකොව්ස්කි ගැන ඕස්ටේ්‍රලියානුවෝ මහත් බලාපොරොත්තු තබා සිටිති. ඉන්දීය පන්දු යවන්නන් පූකොව්ස්කිට බවුන්සර් වරුසාවකින් සංග්‍රහ කළ නමුත් පූකොව්ස්කිගේ උඩපන්දු දෙකක්ම කඩුලු රකින්නා වූ රිෂාබ් පන්ට් අතින් ගිළිහී ගියේය. ඉන් එකක් ඉතාම පහසු උඩපන්දුවක් වූ අතර රවිචන්ද්‍රන් අශ්වින් සහ මොහොමඞ් සිරාජ් අවසනාවන්ත පන්දු යවන්නෝ වූහ.
ඕස්ට්‍රේලියානුව පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 166
(විල් පූකොව්ස්කි 62, මානස් ලැබුෂේන් නොදැවී 67, ස්ටීවන් ස්මිත් නොදැවී 31)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.