Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පී. ද එස්. කුලරත්න - කරන්දෙණිය ම.ම.වි. තරගය 24-25 දිනවල

පී. ද එස්. කුලරත්න - කරන්දෙණිය ම.ම.වි. තරගය 24-25 දිනවල

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය හා අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න, විද්‍යාලය අතර සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘‘දෙනුවර රිද්මය’’ වාර්ෂික ක‍්‍රිකට් තරගය පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ සත්කාරකත්වයෙන් මේ මස 24, 25 දෙදින අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙතෙක් පැවැති දෙනුවර රිද්මය වාර්ෂික කි‍්‍රකට් තරග තුනේදී මංගල ජය ලබන්නට පී. ද එස්. කුලරත්න විද්‍යාලය සමත් වූවේය. ඒ 2014 වසරේ පැවැති දෙවැනි තරගයෙන්ය.

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට කිසිදු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි වූ අතර මංගල තරගය පැවැති 2013 මෙන්ම ගිය වසරේද (2015) පැවැති තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සිය මංගල ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් මෙවර තරග වදින කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම සුරංග මධුශංක විසින් මෙහෙයවනු ලබයි. සිය දෙවැනි ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් තරග වදින පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම සචිත් හිරාන් විසින් මෙහෙයවනු ලබයි.

දෙවැනි පෙළ යටතේ මේ වසරේ පැවැති පාසල් ක‍්‍රිකට් තරගාවලියේදී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම තරග 12කට සහභාගි වී ඉන් තරග හතරකට පූර්ණ ජයග‍්‍රහණ ද තරග හතරක පළමු ඉනිමේ ජයග‍්‍රහණ ද අත්කරගත් අතර තරග තුනක් පරාජය විය. තවත් තරගයක් පළමු ඉනිමේ පරාජය විය.

බලපිටිය රේවත, මාතර ශාන්ත තෝමස්, රත්නපුර ඇලෝසියස්, කොළඹ අශෝක යන විදුහල් හතරට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ද කටුනේරිය ශාන්ත සෙබස්තියන්, කෑගලූ විද්‍යාලය, හොරණ තක්‍ෂිලා විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විද්‍යාලය යන විදුහල්වලට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණ ද අත්කරගත් කරන්දෙණිය විදුහල වෙස්ලි විද්‍යාලය, කළුතර තිස්ස විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය යන විද්‍යාල හමුවේ පරාජය විය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ පරාජයක් ලැබීය.

දෙවැනි පෙළ යටතේ මේ වසරේ පැවැති පාසල් ක‍්‍රිකට් තරගාවලියේදී පී. ද එස්. කුලරත්න විද්‍යාලය තරග 11කට මුහුණ දී පූර්ණ ජයග‍්‍රහණ දෙකක් ද ලබාගත් අතර තරග 5කදී ප‍්‍රථම ඉනිමේ ජයග‍්‍රහණ අත්කරගත්තේය. තරග තුනකදී පළමු ඉනිමේ පරාජයන් අත්කරගත් අතර තරගයක් පමණක් අයහපත් කාලගුණය නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය යන විද්‍යාල දෙකට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ද කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය. කළුතර තිස්ස විද්‍යාලය හා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය යන විද්‍යාල පහට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණ ද කැලණිය ධර්මාලෝක විද්‍යාලය, හොරණ තක්‍ෂිලා විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාල තුන හමුවේ ප‍්‍රථම ඉනිමේ පරාජයන් ද හිමි කරගත් පී. ද එස්. කුලරත්න විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විද්‍යාලය සමග තරගය අයහපත් කාලගුණය නිසා  ජය පරාජයෙන් තොරව ද නිමාවට පත්ව තිබේ.

 


කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය

පළමු පෙළ වමේ සිට - උපේන්ද්‍ර ඉරෝෂ්, සුරංග මධුසංඛ (නායක), අජන්ත කුමාර (පුහුණුකරු). ශාන්ත ආරියරත්න (විදුහල්පති), රංජිත් පි‍්‍රයන්ත (ක‍්‍රීඩාභාර ආචාර්ය), දිලූම් සුධීර (උපනායක), පසිඳු නිසල්

දෙවන පෙළ වමේ සිට - ඉෂාන් ප‍්‍රමෝද්‍ය, රවිඳු මිලාන්. සසිදු කවීෂා, සජිකෝ සනන්, සඳුන් පියුමාල්, චේනක පි‍්‍රයන්ත, සුමේධ මධුසංඛ, දිමුත් සඳරුවන්. ධනේෂ් මධුසංඛ, ලහිරු මධුසංඛ, සමිත් ඉසුරු, ජනෙත් කෞෂාල්

 


පී. ද එස්. කුලරත්න විද්‍යාලය

පළමු පෙළ වමේ සිට - භානුක පමුදිත (උපනායක), සචින් හිරාන් (නායක), ප‍්‍රදීප් මංගල (ක‍්‍රීඩාභාර ආචාර්ය), ජගත් සේනාරත්න (විදුහල්පති), ගාමිණී ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පති), ජයන්ත ජයවීර (පුහුණුකරු), ප‍්‍රභාත් සමීර  

දෙවන පෙළ වමේ සිට - කල්ප හර්ෂජිත්, කණිෂ්ක හර්ෂණ, නිපුන් රංසික, මලීෂ හර්ෂජීව, නිම්න සාරංග, අමන්ත මධුසංඛ, චලිත චමෝද්  

තෙවැනි පෙළ වමේ සිට - දසුන් ලක්මාල්, පැතුම් දිල්ෂාන්, ලකිල ටෙහාන්, හිරුෂාන් දීමන්ත, රුචිර සුලක්‍ෂණ, බිවිදු ජීවන්ත කුමිදු නිල්හාර

 


●●●

 


අදහස් (0)

පී. ද එස්. කුලරත්න - කරන්දෙණිය ම.ම.වි. තරගය 24-25 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.