(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ බදුරලිය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඊයේ (7 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහිදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බදුරලිය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටියේය. එහිදී විනුර දුල්සර හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් රැස්කරමින් බදුරලිය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ පානදුර කණ්ඩායමේ විෂ්ව ළහිරු ලකුණු 55 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය.
දෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පානදුර ක්‍රීඩකයෝ කඩුලු 3 ක් දැවී ලකුණු 146 ක් ලබා පානදුර ක්‍රීඩකයෝ, තෙවැනි දිනයේදී සිය පළමු ඉනිම තවත් ලකුණු 166 ක් එක්කරගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 109 ක් රැස්කිරීමට සමත් වූයේ හතරේ පහර 10 ක් සමගිනි.
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
(ඩිල්ෂාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, අසංක මනෝජ් 62/3, නිසල තාරක 27/2, දුෂාන් විමුක්ති 57/2, විෂ්ව ළහිරු 75/2)
පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 312
(විෂ්ව චතුරංග 27, ඕෂධ ප්‍රනාන්දු 109, ශාලිත ප්‍රනාන්දු 36, දුෂාන් විමුක්ති 24, කාංචන ද ලිවේරා 64, කේෂර නුවන්ත 76/4, සුමින්ද ලක්ෂාන් 49/3, මානස මධුභාෂණ 88/2)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 7 දැවී 171
(රොෂාන් විජේනායක 25, විනුර දුල්සර 34, ගිහාන් කෝරගේ 32, සුමින්ද ලක්ෂාන් 26, විෂ්ව ළහිරු 55/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.