Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 95 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 370 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට හසන් අලීගේ සහ ශහීන් අෆ්රිඩිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 274 ක් පමණි.
අලී ලකුණු 60 කට කඩුලු 5 ක්ද, අෆ්රිඩි ලකුණු 51 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමග ඉනිම් දෙකේදී කඩුලු 10 ක් දවාගැනීමට සමත් වූ හසන් අලී තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
සිවුවැනි දිනය වූ පෙරේදා (7 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටි දකුණු අප්‍රිකාවට ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූ 147 ක් පමණි. එහිදී සිය 5 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ඒඩ්න් මාක්‍රම් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් විය.
රාසි වැන්ඩර් ඩුසේන් (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක්ද, ටෙම්බා බවුමා (61) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට මාක්‍රම් සමත් වුවද, ඔහුට දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 272
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 201
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 298
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 274
(ඒඩ්න් මක්‍රම් 108, ඩීන් එල්ගා 17, රාසි වැන්ඩර් ඩුසේන් 48, ටෙම්බා බවුමා 61, වියාන් මල්ඩර් 20, හසන් අලී 60/5, ශහීන් අෆ්රිඩි 51/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.